Gossip

පුතාලා තුන්දෙනාව මම පහතට දැම්මා – බිරිඳ බිමට වැටුණා – මැරෙනවාට වඩා ජීවිතය බේරා ගන්න ඕනි නිසයි මෙහෙම කළේ – ගින්නට මැදිවූ පවුල බේරාගත් පියා කිව්ව කතාව

මහනුවර නගරයේ සිව්මහල් ගොඩනැගිල්ලක ඊයේ(08) ඇතිවූ ගින්නෙන් සිය පවුලේ සාමාජිකයින් ගින්නෙන් බේරා ගැනීම සඳහා පියා දරුවන් තිදෙනා සහ බිරිඳ ගොඩනැගිල්ලේ තෙවැනි මහලේ ජනේලයකින් බිමට දමා අනතුරුව ඔහු ද ගොඩනැගිල්ලෙන් පිටතට පැන දිවි රැක ගත් පුවත් ඔබ ඊයේ මාධ්‍යය මගින් දකින්නට ඇති.

මෙය සිදුවූයේ අද (08) පෙරවරු හතට පමණ මහනුවර යටිනුවර වීදියේ පිහිටි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ගිනි ගැනීමට ලක්වූ අවස්ථාවේදීයි.

බණ්ඩාරවෙල පදිංචිකරුවකු වන රාමන් රාජ් එහි නවාතැන් ගෙන සිටින රත්තරන් කර්මාන්තයේ නියුතු සේවකයෙක්.

දරුවන් සහ බිරිඳ බිමට දැමීමට පෙර පෙර ඇද ඇතිරිල්ලක් හා මෙට්ටයක් ඔහු විසින් බිමට දමා ඇති අතර ප්‍රදේශවාසීන් විසින් බිමට පතිත වන දරුවන් ඇද ඇතිරිල්ලට යොමු කර ගැනීමට කටයුතු කර ඇත්තේ ඔවුන්ට කිසිදු ජීවිත අනතුරක් නොවන පරිද්දෙන්.

පහත මහලෙහි ඇතිවූ ශබ්දයක් නිරීක්ෂණය කිරීම සඳහා ගිය අවස්ථාවේදී ගොඩනැගිල්ල ගිනි ගන්නා බව දුටු බවත් සිය පවුල ගින්නෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කළ යුතු වෙනත් දෙයක් නොවූ නිසා තමන් දරුවන් තිදෙනා මෙලෙස පහතට දැමූ බව ඔහු සඳහන් කළා.

“ගින්න වේගයෙන් ආවා. කරන්න දෙයක් නැති නිසා මට සිදුවුණේ ඔවුන් පහතට දමන්නයි. පොඩි පුතා කිව්වා තාත්තා දාන්න එපා කියලා. එත් පිච්චිලා මැරෙනවාට වඩා කොහොම හරි ජීවිතය බේරා ගන්න ඕනි නිසයි මෙහෙම කළේ.

මගේ දරුවන් තිදෙනාගේ වයස අවුරුදු 8, අවුරුදු 6 හා අවුරුදු 3 ½ක් වෙනවා. මම පහතට ඇද ඇතිරිල්ලක් විසි කළා. ප්‍රදේශවාසීන් එය අල්ලා ගෙන දරුවන් ලබා දැනීමට සුදානම් වුණා. පසුව මම මෙට්ටයක් විසි කළා. නමුත් එය හරියට පහතට වැටුණේ නැහැ.

පුතාලා තිදෙනාව මම පහතට දැම්මා. ජාති භේදයෙන් තොරව රැස්වූ අය දරුවන් බේරා ගත්තා. බිරිද පනින්න සුදානම් වෙද්දි මම කිව්වා ටිකක් පහතට යමු කියලා. මම වීදුරුවක් කඩාලා පහත මාලයට ආවා. බිරිද යකඩ බටයක එල්ලී ආවා. ඇය බර වැඩි නිසා මගේ අත වීදුරුවලට කැපෙන්න ගත්තා. මට ඇය රදවා ගැනීමට හැකි වුණේ නැහැ. බිරිද බිමට වැටුණා. නමුත් රැස්වූ පිරිස ද ඇයට අනතුරක් නොවන ලෙස අල්ලා ගත්තා.

මට තුවාල නිසා ඉන්න අමාරු වුණා. කලන්තය වගේ දැනුනා. මම ආධාරක වලින් පැමිණ පහළට පැන්නා. අපි සියල්ලට සුලු තුවාල තිබුණා. අපිට මහනුවර මහ රෝහලට රැගෙන ආවා. අපිට බේරාගත්තු ජනතාවට, පොලීසියට, ගිනි නිවන ඒකකයේ කාර්යය මණ්ඩලය ඇතුලු සියලු දෙනාට ස්තූති වන්ත වෙනවා.”

මෙම ගොඩනැගිල්ල ව්‍යාපාර කිහිපයකින් යුක්ත සාප්පු සංකීර්ණයක් වන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය පිළිබදව මහනුවර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!