පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාලෙට කරලියට එන චරිතයක්. ඒ වගේම සමාජජාලා මාධ්‍යයන් තුළින්ද වඩාත් කතාබහට ලක්වූ චරිතයක්.
ඉතින් ඊයේ දිනයේ සිට පියුමි හංසමාලි සම්බන්ධයෙන් වන වීඩියෝවක් සමාජජාලා මාධ්‍යයන් තුළින් හුවමාරු වෙනවා.
මේ වීඩියෝවේ දැක්වෙන්නේ පියුමි හංසමාලිට ඇගේ පෙම්වතා විසින් අමානුෂික අකාරයකට පහර දෙන ආකාරයයි. එය මියුසික් වීඩියෝවක කොටසක්ද නැතහොත් ජනප්‍රියතාව උදෙසා සමාජජාල මාධ්‍යයන්වලට මුදාහරින වීඩියෝවක්ද යන්නත් සමහරුන්ගේ කතාබහට ලක්වෙලා තියෙනවා.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ මීට මාස කිහිපයකට බවත් මෙම සිදුවීම සත්‍යය සිදුවීමක් බවටත් සමහරුන් වාර්තා කර තිබෙනවා.
පියුමි හංසමාලිගෙන් වූ වැරැද්දක් නිසා ඇගේ පෙම්වතා වෙනුර මේ ආකාරයට පහර දෙන බවත් එම වාර්තා දක්වනවා. නමුත් මේ වනවිට ඔවුන් තවමත් පෙම්වතුන් වන බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනගැනීමට පියුමි හංසමාලිව දුරකතනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කළත් එය ව්‍යර්ථ වුණා.