පියා පැදවූ වෑන් රථයට යටවී කුඩා දැරියක් මියගිය පුවතක් ඊයේ (03) දිනයේ වාර්තා වුණා. වීරකැටිය – අත්තනයාලේ පදිංචි දිල්සරා තිලක්ෂණී අබේවික්රම නැමති අවුරුදු තුන හමාරක දැරියක් තමයි ඒ සිද්ධියෙන් මියගියේ.
අදත් මෙවැනිම පුවතක් වාර්තා වුණා. ඒ පුතා පැදවූ කැබ් රථයට මව යටවී අවසන් ගමන් ගිය පුවතක්. මේ සිද්ධිය වාර්තා වෙන්නේ කිවුල්දෙණිය පහළ ලෙනගල ප්රදේශයෙන්.
කැබ් රථයක් පැදවීමට පුහුණුවීමට ගිය පුතෙක් අතින් වෙච්ච අවාසනාවන්ත සිද්ධියක් තමයි මේ.
පටු මාර්ගය ඔස්සේ නිවස දෙසට කැබ් රථය ගන්නකොට මේ අම්මා කැබ් රථය ඉදිරියට පැමිණ ඉදිරියට ගන්නා ලෙස කියා තිබෙනවා.
එම අවස්ථාවේ වැරදීමකින් තිරංග වෙනුවට පෑගිලා තියෙන්නේ ඇක්සලේටරය. ඒ අවස්ථාවේ අම්මාවත් යට කරන් තමයි කැබ් එක ඉස්සරහට ගිහින් තියෙන්නේ.
තාත්තාත් නැති පවුලේ ජීවත්වෙලා තියෙන්නේ මේ අම්මයි පුතයි විතරයි. කැබ් එකත් අරන් සතියයිලු.
අම්මාව හැප්පුණු ගමන් ත්රීවිලරයකින් කරවනඇල්ල රෝහලට රැගෙන ගොස් තිබුණත් ඒ අම්මාගේ ජීවිතේ බේරගන්න නම් බැරිවෙලා තියෙනවා.
56 වන වියේ පසුවූ කේ.එම්. රංජනී නම් කාන්තාවක් තමයි මෙලෙස මියගිහින් තියෙන්නේ.
කෙසේවෙතත් මේ පුතාට රියදුරු බලපත්රයකුත් නෑ කියලා තමයි අපට වාර්තා වුණේ.