Gossip

පැය ගණනක මෙහෙයුමකින් පසු අයිසීස් ත්‍රස්තයන් නවදෙනෙකු ඝාතනය කෙරේ

බුද්ධි අංශ වලින් ලද තොරතරු අනුව පකිස්ථාන ආරක්ෂක අංශ විසින් නිරිතදිග ක්වෙටාහිදී අයිසීස් ත්‍රස්තවාදීන් නවදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

පකිස්ථාන ආරක්ෂක අංශ සඳහන් කරන්නේ මෙම මෙහෙයුම සඳහා පැය කිහිපයක් ගතවූ බවයි.

මීට දින දෙකකට පෙර ක්වෙටාහිදී අයිසීස් ත්‍රස්තයන් විසින් පකිස්ථාන පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ඝාතනය කර තිබුණා.

කෙසේවෙතත් මෙම අයිසීස් ත්‍රස්තයන් ඝාතනය කිරීමේ ගැටුම්වලින් ආරක්ෂක භටයින් හතරදෙනකුට ද තුවාල සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

උපුටාගැනීම – රොයිටර් පුවත්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!