Gossip News

පාසල් ශිෂ්‍යාවක් රවටා බරපතළ ලිංගික අතවර කළ ගුරාට හා අනුබල දුන් කාන්තාවට වැඩ වරදී..

මෙවර අ.පො.ස. (සාමාන්‍ය) පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි පාසල් ශිෂ්‍යාවක් රවටා ගෙන ගොස් ඇගේ කැමැත්තක් නැතිව මත්ද්‍රව්‍ය මුසු පානය බොන්නට දී බරපතළ ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියේ රක්ෂිත බන්ධනාගාරගතව සිටි ගුරුවරයා 10දා නැවත ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කළ මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් ටී.එල්. මහවත්ත මහත්මිය දෙසැම්බර් 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.මෙසේ නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුවේ මීගමුවට නුදුරු විදුහලක උගන්වනු ලබන ගුරුවරයෙක්.පාසලේ දෙමළ මාධ්‍ය උගන්වන මෙම ගුරුවරයා දෙවන විවාහයක් කර ගත් අයකු බවද සඳහන්.තමන් කැමැත්තකින් තොරව මෙම ගුරුවරයා දැරියට මෙම ලිංගික අතවර කළ බවට අධිකරණයට පවසා ඇතැයි පොලිසිය පැවසුවා.අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ වාර්තා අනුවද දැරියට ලිංගික අතවර සිදුවී තිබෙනවා.මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවක්ද සිටින බව කටාන පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!