Gossip News

පාසලක ගින්නකින් දරුවන් 27 දෙනෙකු මරුට

ලයිබීරියානු අගනුවර වන මොන්රෝවියා ආසන්න නගරයක පාසල් බෝඩිමක ඇති වූ ගින්නකින්  පුද්ගලයින් 27දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඉන් බහුතරය දරුවන් බවත් විදෙස් වාර්තා පවසනවා.
ඉස්ලාම් අධ්‍යාපනය ලබාදෙන පාසලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න පැතිරෙන අවස්ථාවේදී ඔවුන් සිය පාසලට ආසන්න බෝඩිමේ නිදා සිට ඇති බව සඳහන් වෙයි.
ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වී එම ස්ථානයට පැමිණ සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, එම ස්ථානයේ සිරුරු සෙවීම සඳහා පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෝසෙස් කාටර් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ගින්න හටගෙන ඇත්තේ විදුලි කාන්දුවක් නිසා බවය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම කරගෙන යන බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!