Gossip News

පාවිච්චි කළේ නෑ කිව්ව අධි සුඛෝපබෝගී බෙන්ස් රථයේ අසාද් සාලිගේ ලිපි ලේඛන රැසක්

රේගු නීති උල්ලංඝනය කරමින් ළග තබාගෙන සිටි අධි සුඛෝපභෝගී මෝටර් රථයක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ රථ ගාලයේ තිබී පොලීසිය පසුගියදා සොයාගත්තා.

එහිදී හිටපු ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් ද මෝටර් රථයේ තිබී සොයා ගෙන තිබෙනවා.

අධි සුඛෝපබෝගී බෙන්ස් රථයක් කාර් නෙට් බලපත්‍රය යටතේ මෙරටට ගෙන්වා ඇති අතර එම බලපත්‍ර කොන්දේසියට අනුව අනුමත වසර දෙකක කාලය ගත වූ පසු එම රථය ගෙන් වූ රටට ප්‍රතිඅපනයනය කළ යුතු වේ.

එසේ නොවන්නේ නම් රජයට බදු ගෙවමින් එය තබාගත වුව යුතු ද මෙම බෙන්ස් රථය එම රේගු නීති උල්ලංඝණය කරමින් රථ ගාලයේ තිබී පොලීසිය ඊයේ (03) සොයාගත්තා.

මෙම රථයේ අයිතිකරු මහනුවරදී පොලීසිය විසින් සොයාගත් අතර ඔහු කාත්තන්කුඩියේ පදිංචිව සිට පසුව එංගලන්තයට ගොස් පැමිණෙන අවස්ථාවේදී කාර් නෙට් බලපත්‍රයක් මඟින් මෝටර් රථය ගෙන්වා ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් අසාද් සාලි මහතා තමන් මෙම මෝටර් රථය පරිහරනය නොකළ බව පැවසුව ද මෝටර් රථය පොලිස් භාරයට ගැනීමෙන් පසුව සිදුකළ පරික්ෂා කිරීමේදී ආණ්ඩුකාරවරයාට අයත් ලිපි ලේඛන රැසක් එහි තිබී සොයා ගැණුනු බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!