Gossip

පාරේ තමන්ගේ පාඩුවේ ගිය කාන්තාවකට සතෙක් කරපු දෙයක්

මහ මඟ ගමන් ගත් කාන්තාවකට අත්විඳින්නට සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ භරූච් නගරයේ දී අදාල කාන්තාව ඊයේ (13) මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මාර්ගයේ ගමන් ගන්නා අදාල කාන්තාවගේ පසුපසින් පැමිණෙන ගවයෙක් ඇයට පහර දෙනවා.

නිදැල්ලේ සැරිසරන ගවයෙක් කාන්තාවට මෙලෙස පහර දී ඇති අතර ගවයාගේ පහර කෑමට ලක්වූ කාන්තාව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

එරට මාධ්‍ය වැඩිදුරටත් දක්වන්නේ ඇයගේ තත්වය බරපතළ නොවන බවයි.

කාන්තාව ගවයාගේ පහර කෑමට ලක්වන ආකාරය ඒ අසල වෙළඳසැලක සවිකර තිබූ සී.සී.ටි.වී. කැමරාවක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!