Gossip

පාතාලයේ ගෝර්ඩ් ෆාදර්ගේ අවසන් ගමන – Photos

මිනීමැරුම්, මහාපරිමාණ හෙරොයින් ජාවාරම්, කොල්ලකෑම් කප්පම් ගැනීම්, ආයුධ ජාවාරම් ඇතුළු දරුණුම ගණයේ අපරාධවල නිරත වෙමින් මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස නම් දැරූ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා මාලිගාවත්ත ලක්‍ෂිත මහල් නිවාස සංකීර්ණය තුළදී සිදුවූ වෙඩි තැබීමකින් ඊයේ (20 වැනිදා අලූයම 3.00 ට පමණ මිය ගියේය.
මාලිගාවත්තේ ලක්‍ෂිත මහල් නිවාස සංකීර්ණයේ දසවන මහලේ දසවන නිවසේ ස`ගවා තිබූ රුපියල් කෝටි 22 කට අධික වටිනා කමෙන් යුත් හෙරොයින් තොගයක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මාකඳුරේ මධුෂ් එම මහල් නිවාස සංකීර්ණයෙන් පහළට ගෙන එද්දී එහි කඩා වැදුණු පාතාල සාමාජිකයන් දෙදෙනකු පොලිස් නිලධාරීන්ට වෙඩි තබා තිබේ.
එහිදී පොලිසිය සහ පාතාල සාමාජිකයන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවට මැදි වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් බරපතළ තුවාල ලැබීය.
වෙඩි ප‍්‍රහාරයට මැදවූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මෙහිදී තුවාල ලබා තිබිණි.
බරපතළ තුවාල ලැබූ මාකඳුරේ මධුෂ් කොළඹ ජාතික රෝහලට රැගෙන යන අතරමගදී මිය ගොස් ඇත.
තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්ටුවට ඇතුළත් කළ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා මහල් නිවාසයට කඩා වැදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා ඇත්තේ මාකඳුරේ මධුෂ් බේරාගෙන රැුගෙන යෑමේ අදහසින් බව පොලිසිය පවසයි.
සිය ඉලක්කය වැරදී ගියපසු පාතාල සාමාජිකයන් දෙදෙනා පලා ගොස් ඇති අතර ඔවුන් පැමිණි යතුරුපැදිය මාලිගාවත්ත බබාපුල්ලේ පාරේ පාලම අසල පෙරළී ගොස් තිබිණි.
එම ස්ථානයේ තිබී මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක්ද පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
පාතාල සාමාජිකයන් දෙදෙනා පලා යද්දී පොලිස් නිලධාරීන් වෙත අත්බෝම්බ ප‍්‍රහාරයක් ද එල්ල කර ඇති අතර එක් පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇත්තේ එම බෝම්බ ප‍්‍රහාරයට ලක්වීමෙන්ය.
වසර එකහමාරකට අධික කාලයක් තිස්සේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මාකඳුරේ මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබුණේ මීට සතියකට පමණ උඩදීය.
කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගැනීමෙන් පසු මධුෂ් ලබාදුන් තොරතුරු මත කොටිකාවත්ත ප‍්‍රදේශයේ ගරාජයක ස`ගවා තිබූ රුපියල් කෝටි 10 ට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සොයාගන්නා ලදී.
මේ අතර ස`ගවා ඇති හෙරොයින් තොගය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිසිය විසින් මධුෂ්ට ජංගම දුරකථනයක් ලබා දී තිබිණි.
එහිදී ජාවාරම්කරුවන් කීප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාදුන් මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත ප‍්‍රදේශයේ ලක්‍ෂිත මහල් නිවාසයේ නිවසක හෙරොයින් කිලෝ 22 ක් ස`ගවා ඇති බව සොයා ගත්තේය.
මෙම හෙරොයින් තොගය සොයා දීම සඳහා තමන් පොලිස් නිලධාරීන් සමග පැමිණෙන බව මධුෂ් සිය ගෝලබාලයන්ට දැනුම් දී තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් ඊයේ අලූයම මාලිගාවත්ත ලක්‍ෂිත මහල් නිවාස සංකීර්ණය වෙත මධුෂ් රැුගෙන ගොස් තිබුණේ හෙරොයින් ස`ගවා ඇති ස්ථානය සොයා ගැනීම සඳහාය.
ඒ අවස්ථාවේ මධුෂ්ගේ කල්ලියේ ගෝලබාලයන් එම ස්ථානයට කඩා වැදී ඇත්තේ පොලිස් නිලධාරීන්ට වෙඩි තබා මධුෂ් නිරුපද්‍රිතව රැුගෙන යාමටය.
මෙහිදී පලා ගිය පාතාල සාමාජිකයන් දෙදෙනා අතහැර දමා ගිය යතුරුපැදිය වැල්ලවත්ත ප‍්‍රදේශයෙන් සොරා ගන්නා ලද එකක් බව පොලිසිය පසුව කළ විමර්ශනවලින් අනාවරණය විය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී. ජේ. නන්දන මහතාගේ මෙහෙයවීමෙන් සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන පවත්වති.

ඡායාරූප පහතින්..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!