Gossip

ප්‍රියංකා.. පරිස්සමෙන්!

බොලිවුඩයේ සුරූපී නිළියක් වෙන ප්‍රියංකා‍ට අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා කියලා බොලිවුඩ් ආරංචි මාර්ග කියනවා. අපිත් ටිකක් හොයලා බැලුවා ප්‍රියංකාට මේ විදිහට අනතුරු අඟවලා තියෙන්නේ‍ කවුද, ඒ  මොකක් ගැනද කියලා.

කොහොම හරි දැනගන්න ලැබුණ විදිහටනම් මේ විදිහට අනතුරු අඟවලා තියෙන්නේ බොලිවුඩයේම නළුවෙක් වෙන ෆර්හාන් අක්තර්. ෆර්හාන් මේ විදිහට අනතුරු අඟවලා තියෙන්නේ ප්‍රියංකා 3 වෙන පාරටත් අමිතාබ් භච්චන් රඟපාපු චිත්‍රපටියක දෙවන වර නිෂ්පාදනයකට සම්බන්ධ වීම නිසායි.

“ප්‍රියංකා, මතක තියාගන්න අමිතාබ් භච්චන් රඟපාන චිත්‍රපටියක් නැවත නිෂ්පාදනයට ඔයා තුන් වන පාරටයි මේ විදිහට සම්බන්ධ වෙන්නේ. පරිස්සම් වෙන්න. මේ දෙයින් ඔයා එක්තරා විදිහක චරිතවලට විතරක් සීමා වෙන්න පුළුවන්” කියලා ෆර්හාන් කවීටර් වෙබ් අඩවියට කියලා තියෙනවා. ‍

ෆර්හාන් මේ විදිහට කියලා තියෙන්නේ සන්ජීර් චිත්‍රපටියට ප්‍රියංකා රඟපාන එක ගැනයි. ප්‍රියංකා මේ දවස්වල “සන්ජීර්” චිත්‍රපටියේ රූගත කිරීම්වලට හයිද්‍රාබාද්වල තමයි ඉන්නේ. “අලුත් චිත්‍රපටියක් කරනවා කියන්නේ මට හැම වෙලේම හරි අමුත්තක් දැනෙනවා” ප්‍රියංකානම් සන්ජීර් රූගත කිරීම් පටන්ගද්දී කියලා තියෙන්නේ ඒ වගේ කතාවක්.

අමිත් මෙහ්රාගේ නිෂ්පාදනයක් වෙන මේ චිත්‍රපටිය මුලින්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ අමිත්ගේ තාත්තා ප්‍රකාශ් මෙහ්රායි. 1973 නිෂ්පාදනය වුණ ඒ චිත්‍රපටියට දායක වෙලා තියෙන්නේ අමිතාබ් භච්චන් එක්ක ජායා භච්චන්.

කොහොම හරි ඉතින් ෆර්හාන් කිව්වා ව‍ගේම 1978 දී නිෂ්පාදනය වුණ “ඩොන්” චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයටත් 1990 දී නිෂ්පාදනය වුණ අග්නිපාත් චිත්‍රපටියේ නැවත නිෂ්පාදනයටත් ප්‍රියංකා චොප්රා රඟපෑවා.

ෆර්හාන් කියන කතාවෙත් ඇත්තක් නැතුවම නෙමෙයි. මොකද ඉතින් මේ විදිහට ගියොත් බොලිවුඩයේ රීමේක් චිත්‍රපටි නිළියක් විදියට ප්‍රියංකා හඳුන්වන එකනම් නවත්තන්න බැරි වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!