Gossip

ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි රනිල් වික්‍රමසිංහයි – ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා – ජනපති

අද ඇතිවී තිබෙන ප්‍රශ්ණය රට තුළ දේශපාලන ගැටුමක් නොමැති බවත් රට තුළ ඇත්තේ දේශපාලන අර්බුදයක් බවත්ය. ඒ තුළ නොසන්සුන්තාවක් තිබෙන බවත් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.

මේ ඔහු කියූ අදහස් කිහිපයක්.

ගැටුම් නිරාකණය කළමනාකරණය විද්‍යාවක්. දේශපාලන අර්බුදය විග්‍රහ කිරීමත් විද්‍යාවක්. මේ දේශපාලන අර්බුදයේ පසුබිම කුමක්ද 2015 ජනවාරි 8 දා මා බලයට පත්කළ මේ රටේ 6250000කට වැඩි ජනතාවට මා හිස නමා ආචාර කරනවා.

මම 2014 නොවැම්බර් 21 දා ගත් තීරණය එදාටත් වඩා අද නිවැරදියි. එය යුගයේ අවශ්‍යතාවක් බවට පත්වුණා. එසේම පසුගිය ඔක්තෝබර් 26 දා ගත් තීන්දුව නිවැරදි දේශපලන තීන්දුව නිවැරදියි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. එය ගිරිදුර්ගයක ගමන් කළ තීන්දුවක් හා තීරණයක්.

රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංස්කෘතිය අමු අමුවේ දූෂණය කළා මෙන් රට විනාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා.

ඒ සියල්ලමට දීමට තිබූ එකම විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එක මම තීරණය කළා. අපි අපට ගැලපෙන දේශපාලන ගමනක් යා යුතු වෙනවා.

ඔහුගේ දූෂිත බව මම පසුගිය කාලයේදී කිව්වා. ඔහු ගෙනා බොහෝ පනත් මා ප්‍රතික්ෂේප කළා. රට විනාශ කිරීම මගේ ශක්තියෙන් පාලනය කළා. ඔහු දරදඩු මිනිසෙක් ලෙස ලිබර්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස භාවිත කළා.

උතුරේ ජනතාව රැවට්ටුවා. උතුරේ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ ඔහු හිතාමතාම අතපසු කළා. මේ ගත්තාවූ දේශපාලන තීන්දුව ඊයේ දවස වගේම අද දවස වගේම හෙට දවසටත් නිවැරදියි.

පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ සිදුවූ සිදුවීම් මා ගත් තීන්දු තීරණ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමත් රට ගැන හිතන ජනතාව ගැන හිතන මානව වාදි ප්‍රබුද්ධයින්ගේ ගමන් මගක් ශක්තිමත් කරන්නටත් මම පියවර රාශියක් ගත්තා.

මම ගැසට් නිවේද පහක් ගැහුවා විධායක බලය භාවිත කරලා. රනිල් විකමසිංහ මහතා ඉවත් කරන්න, මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්න, කැබිනට් මණ්ඩලය විසුරවන්න, පාර්ලිමේන්තුව කල්දාන්න, පාර්ලිමේන්තුව විසුරුවාහරින්න මම විධායක බලය භාවිත කළේ මම රට බේරගන්න බව ඔබට පැහැදිලිව කියන්න ඕන.

මේ දේශපාලන අර්බුදය අපේ රටට 48න් පස්සේ අලුත් අත්දැකීමක්. ලෝකයට මෙය අලුත් දෙයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවලන්වල මෙවැනි අර්බුද නොසන්සුන්තාවන් අපි දැක්කා.

ජර්මනියේ මාස හයක් ආණ්ඩුව නෑ. ඉතාලියේ සති පහක් ආණ්ඩුවක් නෑ. ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා එක් රැයකින් වෙනස් වුණා. පාර්ලිමේන්තුවේ ගැටුම් අපේ විතරද? අපේ රටේ සිදුවූ දේ හරි කියලා මම කියන්නේ නෑ. අපේ පාර්ලිමේන්තුවේ සිදුවූ හැසිරීම පක්ෂ භේදයක් නොමැතිව මම පිළිකුල් ලෙස හෙළා දකිනවා.

අපේ මතවාදය ජයග්‍රහණය කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන්. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අවට වටපිටාව ගැන අවධානය යොමුකළ යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ගිය අයට නඩු විභාග කර අවසන් තීන්දු දුන්නේ නෑ. කිහිපයකට අතුරු තහනම් නියෝග දුන්නා. නඩු ගණනාවක් තිබෙනවා. මේ නඩු මිනී මැරීම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ නඩු නොවෙයි. මේවා දේශපාලන නඩු.

මේ නඩු පිළිබඳව අධිකරණයෙන් දැක්වූ ප්‍රතිචාර ගැන රටේ ජනතාව මත විවිධ අදහස් තිබෙනවා. මම අධිකරණයට ගරු කරනවා. අධිකරණය දෙන්නා වූ තීන්දු තීරණ මම භාර ගන්නවා. අධිකරණයේ තීන්දු ගැන ජනතාවගේ මතය වෙනස්. කොටසක් කියනවා අධිකරණය මධ්‍යස්ථයි කියලා. ඇතැම් අය කියනවා අධිකණය ඒකපාර්ශ්වීයයි කියලා.

එජාපේ නායකයින්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි මේ 225 අත්සන් කරලා දුන්නත් මම රනිල් අගමැති කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කියනවා. ඔහුගෙයි මගෙයි පුද්ගලික, පාට පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි. ඔහු රටට නොගැලපෙන් දේශපාලඥයෙක්. ඔහුගේ දර්ශනය රටට ගැලපෙන්නේ නෑ. ඔහු හිතනපතන විදිහ රටට ගැලපෙන්නේ නෑ.

මාව ජනපති කරන්න කටයුතු කළ එක්සත් ජාතික පාක්ෂිකයන් මට වෛර කරන බවත් දන්නවා. එක්සත් ජාතික පක්ෂ නායකයිනි ඔබේ වර්තමාන නායකයා ඔබේ ගෞරවණීය දේශපාලන පක්ෂය විනාශ කළා. ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින් රටට ආදරෙයි.මේ මනුස්සයට ඒ කිසිවක් දකින්නේ නෑ. ඔහු අන්ත දේශපාලන ලිබරල්වාදී දර්ශනයෙන් ඔහු හිරිවැටිලා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී හෙට දවසේ රට වෙනුවෙන් තිබෙන යුතුකම් හා වගකීම් ඉටුකරමු. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. කිසිවෙකුටත් පක්ෂය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ.

දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව අවසන් කරන බව මම පැහැදිලිව කියනවා. එය ඔබ වෙනුවේන රට වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන්. මෙි සියලු පක්ෂ විසඳා ගන්න සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රශ්නවලට මම සාමයේ දෑත් දිගුකරනවා. ප්‍රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්‍රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු. ඒ පින කරන්න අපි හදන මල්වට්ටිය අත ගහමු.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!