Gossip

ප්‍රවීන රංගන ශිල්පී රෝයි ද සිල්වා රසික හදවත් හඬවා අද දැයෙන් සමුගනී – Photos

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(02) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බොහෝ පිරිසක් ඊයේ(01) රාත්‍රියේ එහි පැමිණ සිටියේය.

ප්‍රවීණ රංගනශිල්පියෙකු මෙන්ම සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙස ශ්‍රී ලාංකීය සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සටහන් තැබූ රෝයි ද සිල්වා මහතා ඉකුත් 30 වනදා රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.ු

ඒ හදිසි හෘදායාබාධයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පෙරවරුවේ රෝයිද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබීය.

අභාවප්‍රාප්ත රෝයිද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සදහා වන ආගමික වතාවත් මීට ටික වේලාවකට පෙර දේහය තැන්පත් කර තිබූ පෞද්ගලික මල්ශාලාවේදී සිදුකෙරුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරු 01.00ට පමණ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!