Gossip

“පරීක්ෂා කවුලුවේදී ඔවුන්ට මාගේ අනන්‍යතාවය තහවුරු කරන්න මද වේලාවක් ගතවුණා” -විනාඩි දෙකක ප්‍රමාදයක් නිසා ඉතියෝපියාවේ ගුවන් අනතුරෙන් බේරුනු පුද්ගලයා කියපු කතාව

ලොව ගුවන්යානා නිෂ්පාදනයේ ප‍්‍රමුඛ සමාගමක් වන ඇමරිකානු බොයිං සමාගමට මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතිනවා. ඒ, මගීන් හා කාර්ය මණ්ඩලයේ 157 දෙනෙකුට මරු කැදවමින් පසුගිය ඉරිදා ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බොයිං 737 මැක්ස් – 8 වර්ගයේ කඩා වැටීමත් සමයි.

යානයේ කාර්මික දෝෂයක් හට ගැනීම නිසා ගුවන් යානයේ නියමුවා එය ආපසු ගොඩ බැස්සවීමට අවසර ඉල්ලා ඇති අතර එම අවස්ථාවේ යානය කඩා වැටී ඇති බවට වාර්තා වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අනතුර සිදුවන අවස්ථාවේ දී ගුවන් යානය තුල කොරියානු ජාතිකයන් 32 ක්, කැනඩා ජාතිකයන් 18 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් හතක්, ඇමරිකානුවන් අටක්, චීන ජාතිකයන් 8 ක් හා ඉතාලි ජාතිකයන් 8ක් එහි සිටි බවයි. එසේම අනතුර සිදුවන අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සේවකයන් 19 ක් ද එහි සිටි බවද වාර්තා වනවා.

මේ අතර අදාල ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි Antonis Mavropoulos නමැති ග්‍රීක ජාතිකයෙකු විනාඩි දෙකක් ප්‍රමාද වීම නිසා ගුවන් යානයට නැගගත නොහැකි වී තිබෙනවා.

ඔහු ග්‍රීක ජාතියෙක්. පසුගියදා කඩා වැටුණු ඉතියෝපියානු ගුවන් යානයේ ගමන් කරන්නට නියමිතව අසුන් වෙන්කොටගෙන තිබූ 150 වැනි මගියා ඔහුයි. එහෙත් ඔහුට නියමිත වේලාවට ගුවන්තොටුපළට පැමිණීමට නොහැකිවීමෙන් ගුවන් යානය මිනිත්තු දෙකකින් මඟ හැරී තිබෙනවා.

“ගුවන් පරීක්ෂා කවුලුවේදී ඔවුන්ට මාගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට මද වේලාවක් ගතවුණා. මා ගුවන් යානය පිටවන දොරටුවට දිවගෙන පැමිණියත් ඒ වන විට යානයේ දොරටු වසා දමමින් තිබුණා. එමනිසා ඔවුන් මා යානයට ලියාපදිංචි කළේ නැහැ. ඔවුන් කිසිවෙක් මා හට යානයට ගොඩවීමට උදවු කළේත් නැහැ. මා ඉතා දුකින් මා අතහැර යන යානය දෙස බලා සිටියා.

ඉන්පසුව ගුවන්තොටුපළ නිළධාරියෙක් ඔහුව ගුවන්තොටුපල ආරක්ෂක අංශය වෙත යොමු කර තිබෙනවා. කෙසේවෙතත් මිනිත්තු දෙකකින් ඔහුට මඟහැරුණු යානය ගුවන් ගත කිරීමෙන් මොහොතකට පසු කඩාවැටී ඇති බවත් එහි නැගී පිටවූ සියලුම දෙනා මරමුවට පත්වී ඇති බවත් ඔහුට දැනගන්නට ලැබුනා.

කෙසේ වෙතත්, අනතුරින් මියගිය සියලුදෙනා වෙනුවෙන් තමා දැඩිලෙස ශෝකී වනබවත් තමන්ට සිදුවූ අතපසු වීමෙන් තමන්ට නැවත ලැබුනු තම ජීවිතය වෙනුවෙන් තමා දෙවියන්ට ස්තූති වන බවත් ඇන්ටෝනියෝ කියා සිටිනවා.

පින්තූරයේ සිටින්නේ අනතුරින් බේරුනු ඇන්ටෝනියෝ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!