Gossip

නොච්චියාගම ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනියි – සැකකරුවන් අතර ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සමීපතමයෙක්?

නොච්චියාගම නගරයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට නොච්චියාගම පොලීසිය සමත්ව තිබෙනවා.

අද (23) උදෑසන නොච්චියාගම පොලීසියට ලැබුණ තොරතුරක් මත සිදු කල සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

පෙරවරු 9.30 ට පමණ පොලීසිය අදාළ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබු ජෙලග්ට්නයිට් කූරු දාහක් (1000 ) ක් , ඇමෝනියා කිලෝග්‍රෑම් පන්සියයක් (500 ) , පුපුරුවා හැරීමට භාවිතා කරන වයර් විශාල ප්‍රමාණයක් පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

වැටලීම සිදු කරන අවස්ථාවේ ඒම නිවසේ සිටි සැකකරුවන් හයදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය මෙම නිවස පරික්ෂා කරමින් සිටි අවස්ථාවේ දී එම නිවසට පැමිණි වැන් රථයක් හා එහි සිටි කාන්තාවක් සමඟ තවත් සැකකරුවකුද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මේ සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් අට දෙනකු (08 ) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මුස්ලිම් ජාතික සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනකුද වනබව පොලිසිය ස ඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින ප්‍රධාන සැකකරු පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල අපේක්ෂකයකු වන අතර ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ සමීපතමයකුද බව වාර්තා වනවා.

නොච්චියාගම පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!