නෙහාරා පීරිස්ගේ ලස්සන මංගල ඡායාරූප පෙළක් මේ දවස්වල අන්තර්ජාලයේ සැරිසරනවා.
බොහෝ නළු නිළියෝ අද දවසේ තමන්ගේ විවාහ සංවත්සරය සමරන්නේ මේ වගේ ලස්සන මංගල ඡායාරූප අරගෙනයි.
මේනකයි නෙහාරයි දෙන්නත් ඒ වගේ සැමරුමක් වෙනුවෙන් මේ වගේ ඡායාරූප පෙළක් ගත්තද කියලා දැනගන්න අපි ඒ දෙන්නට කතා කළා.
“ඇත්තටම මේ වගේ Photo Shoot එකක් කරන්න ඕනකම තිබුණේ නයෝමා අක්කිට. එයා තමයි අවුරුදු 12ක් තිස්සේ මගේ ඇඳුම් නිර්මාණය කරන්නේ. නයෝමා අක්කි තමයි අනික් අයවත් සංවිධානය කරලා මේ ෂූට් එක කළේ…”
මේනකයි නෙහාරයි කාලයක් ලංකාවෙන් පිටත්වෙලා ගිහින් ඉඳලා දැන් ආයෙම ඇවිත් කලා කටයුතුවල යෙදෙනවා. ලංකාවට ආවට පසුව දෙන්නා සහභාගි වූ පළමු මංගල ඡායාරූප තමයි මේ. ඔය අතරේ මේ දවස්වල දෙන්නා කලා ජීවිතය තුළත් කාර්යබහුලයි.
“මම අලුත් ටෙලි නාට්‍යය 4ක් භාරගෙන තියෙනවා. ඒවායේ වැඩිවිස්තර ඉදිරියේදී කියන්නම්. ”
“කාලයක් මේනක – නෙහාරා පුංචි තිරයේ ජනප්‍රිය පෙම්වතුන් යුවළක් වී හිටියා. ඒත් කාලෙකින් මේ දෙන්නා පෙම්වතුන් සේ රඟපාන නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්නට ලැබුණේ නැහැ.”
“ඔව්. අපි දෙන්නා අන්තිමට පෙම්වතුන් විදිහට රඟපෑවා..ඒ 2014දී. ඊට පස්සේ තවමත් අපි දෙන්නට පෙම්වතුන් විදිහට රඟපාන්න ලැබුණේ නැහැ.”
මේනක එහෙම කිව්වා. මේනකයි නෙහාරයි දැන් මොරටුවේ තමන්ගේ නිවසට වෙලා කාර්යබහුල ජීවිතයක් ගතකරනවා. මේනක – නෙහාරා කැදැල්ලට පුංචි පුතෙක් හෝ දුවෙක් එකතු කරගන්න අදහසක් දැන්ම මේ දෙන්නට නැද්ද කියලත් අපි ඔවුන්ගෙන් විමසා සිටියා.
“තවම එහෙම අදහසක් නැහැ. ලංකාවට ආපු හැටියේ දන්නෙම නැතුව අපි දෙන්නා කාර්යබහුල වුණා. මේ වැඩ කටයුතුවලින් ටිකක් නිදහස් වුණාට පස්සේ තමයි අපි ඒ ගැන හිතන්නේ.”
නෙහාරාගේ ඇඳුම් – නයෝමා විජේසිංහ
මේනකගේ ඇඳුම් – මූන්ස්ටාර්
වේශ නිරූපණය – රොෂාන්
ඡායාරූප – Studio Clody
උපුටා ගැනීම – ලක්බිම පුවත්පත