Gossip

නිවුන් දරු උපත් වාර්තාගත ලෙස ඉහළට

ලොව පුරා නිවුන් දරු උපත් සිදුවීම් බහුලව වාර්තා වන බව ඒ පිළිබඳව කළ අධ්‍යනයකින් හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

1980 සිට ද්විත්ව උපත් අනුපාතය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර රටවල් 100 කට වැඩි සංඛ්‍යාවක වාර්තා හා විශ්ලේෂණයන් මෙම සඳහා භාවිතා කර අතර බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක ජනගහනයෙන් 99% ක් ආවරණය වන පරිදි රටවල් 165 ක ද්විත්ව උපත් අනුපාතයන්හි විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇති අතර ඒ අනුව මේ වනවිට මව්වරුන් 42 දෙනෙකුගෙන් එක් අයෙකු නිවුන් දරුවන් බිහි කරන බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

පසුගිය අවුරුදු 40 තුළ ගෝලීය ද්විත්ව උපත් අනුපාතය තුනෙන් එකකින් ඉහළ ගොස් ඇතැයි අධ්‍යයනයේ තොරතුරු මගින් වාර්තා වේ.

1980 පසු නිවුන් දරු උපත් ඉහළ යාමත් සමග වැඩිම නිවුන් දරු උපත් වාර්තා වන්නේ, උතුරු අමෙරිකාවේ ය. එය 71% වර්ධනයකි.එමෙන්ම යුරෝපයේ 60% කින් සහ ආසියාවේ 32% ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.

නමුත් එක්සත් රාජධානියේ නිවුන් දරු උපත් අනුපාතය 62% කින් පමණ ඉහළ ගිය ද , 2007 දී Human Fertilizations and Embryology Authority (HFEA) නිවුන් දරු උපත් අඩු කිරීමේ ක්‍රමවේදයක් දියත් කළ දින සිට පහත වැටී ඇතැයි සැලකේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!