Gossip

නිල් තාරකාවක් වූ ස්පිල්බර්ග්ගේ දියණිය ”මෙතෙක් මගේ ශරීරය ප‍්‍රයෝජනයට නොගැනීම ගැන මම කණගාටු වෙනවා”

කීර්තිමත් හොලිවුඞ් චිතපට අධ්‍යක්ෂවරයකු වන ස්ටීවන් ස්පිල්බර්ග් ගේ දියණිය වන මකීලා ස්පිල්බර්ග් නිල් චිත‍්‍රපට නිළියක ලෙස කලඑළි බැස තිබෙනවා. තමන් නිල් චිත‍්‍රපට තරුවක් වීමට තීරණය කළ බවත් ඒ සඳහා ටෙනසිහි අවසරපත ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් පසුගියදා නිල වශයෙන්ම ප‍්‍රකාශ කළා. 23 හැවිරිදි මකීලාගේ මව ප‍්‍රසිද්ධ හොලිවුඞ් නිළියක් වන කේට් කැප්ෂෝ. මකීලා ඹගීගීමබ සඟරාවට පැවසුවේ, ”මෙතෙක් මගේ ශරීරය ප‍්‍රයෝජනයට නොගැනීම ගැන මම කණගාටු වෙනවා” යනුවෙනුයි. දවසින් දවස වැඩ කිරීමෙන් මා වෙහෙසට පත්ව සිටියත් මගේ ආත්මය එයින් සෑහීමකට පත්වී නැහැ. මේ ආකාරයේ සේවයක් කිරීමෙන් අනෙක් මිනිසුන් සෑහීමකට පත් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. එය හොඳ යැයි මට හැඟන්නේ මා එයින් ප‍්‍රකෝපකාරී නොවන නිසා.”යි ඇය පවසනවා.

ඇය ළමා වියේදී පාසල් නේවාසිකාගාරයේදී සාංකාවෙන් හා අවපීඩන මානසික තත්ත්වයකින් පෙළුණු බවත් එය ඇගේ දෙමාපියන්ගේ වරදක් නොවන බවත් ඇය පවසනවා. ”ඔවුන් ඒ බවක් දැන සිටියේ නැහැ” මේ ගැන වාර්තාවන දේවල් වලින් ඔවුන් ලජ්ජාවට පත්වන්නේ නැහැ. මෙය පිටස්තර කලාවක්. එහෙම නැත්නම් තහනම් කලාවක්. කොහොම වෙතත් මම ටිකක් ස්නායු රෝගියෙකු බව ඔවුන් දන්නවා.” ඇය තව දුරටත් පවසනවා. ”එහි නිරත සෑම අයෙකුම ස්නායු රොගීන් යැයි එයින් කියවෙන්නේ නැහැ. මට කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් ඔවුන් කැමති වුණත් නැතත් මා කරන බව ඔවුන් දන්නවා.”

තම දෙමව්පියන් වූ ස්පිල්බර්ග් යුවල තමා දරුකමට හදාගත් අයෙක් බව තමන් දන්නා බැව් පැවසූ මකීලා තමන් තෝරාගත් නව මාවත තමන්ගේ දිවියට නව සවියක් බව පවසනවා. ඇය තවදුරටත් පවසන්නේ ලිංගික ශ‍්‍රමිකයෙකු ලෙස බලපත‍්‍රය ලබාගත් පසු ඇය ලිංගික නර්තන ශිලපිණියක ලෙස ද වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි. ”මගේ ආරක්ෂාව අංක එක ලෙස ඔවුන් (දෙමාපියන්) සළකනවා. මම මෙය කරන්නේ මගේ ශරීරයට ගෞරව කිරීමට හා එයින් ලාභ ඉපිදවීමේ මඟක් ලෙසයි. මම ඇත්ත වශයෙන්ම සිතන්නේ වසර එකහමාරකට පෙර, පහළ සිට මා කෙතරම් දුරක් ඉහළට පැමිණ ඇතිදැයි කියායි. ඔවුන් ඒවා දුටු විට ”වාව්!” ඇත්ත වශයෙන්ම අපි ස්වයං ධෛර්යක් ඇති කෙල්ලක් ඇති දැඩි කර තිබෙනවා”යැයි සතුටු වෙයි”

ඇගේ මේ වෘත්තීය තේරීමෙන් ඇගේ ප‍්‍රසිද්ධ දෙමව්පියන්ගෙන් මූල්‍යමය ලෙස ස්වාධීන වීමට එය උපකාරී වෙතැයි ඇය බලාපොරොත්තුවෙනවා. ජනප‍්‍රිය කාමුක වෙබ් අඩවියක් වන පෝන් හබ් වෙත ඇගේ ලිංගික වීඩියෝ නිකුත් කර ඇති අතර එහි ප‍්‍රකාශකයෙක් පවසන්නේ ඇගේ බලපත‍්‍රය අනුමත වනතුරු ඒවා අවහිර කොට ඇති බවයි.

මකීලාගේ මේ අළුත් තත්ත්වය ගැන ඇගේ ස්වාමි පුරුෂයා වන 47 හැවිරිදි චක් පන්කොව්ගේ අදහස මෙසේයි ”ඇය කරන්න අදහස් කරන දේ මුලින්ම මට කියපුවාම මම පුදුමයට පත් වුණා. මම කිව්වා ඒක ටිකක් අසාමාන්‍යයි කියලා. නමුත් ඇය එයින් තෘප්තියක් ලබනවා නම් මම ඊට කැමතියි.”

එසේ වුවද ඊට සතියකට පසු ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්ව චෝදනාව මත නෑෂ්විලී පොලිසිය විසින් මකීලාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇය සිය ස්වාමි පුරුෂයා වූ පැන්කෝව් පැය 12 ක් තිස්සේ නිවාස අඩස්සියේ තබාගෙන හිරිහැර කිරීම නිසා. නැෂ්විලී සමාජ ශාලාවක ඇය පැන්කෝව් සමඟ මත්පැන් පානය කොට ආපසු නිවසට පැමිණ ඇත්තේ පාන්දර 4 ටයි. ඉන්පසු ඇති වූ බහින් බස් වීමක් නිසා මකීලා පැන්කෝව්ට හිරිහැර කොට ඇති බව පැවසෙනවා. මෙට්‍රෝ බන්ධනාගාරගත කළ ඇය නිදහස්ව ගියේ ඩොලර් 1000 ක දඩයක් ගෙවීමෙන් පසුයි. ෆොක්ස් නිව්ස් වෙත ප‍්‍රකාශයක් කළ ඇගේ ස්වාමි පුරුෂයා වූ පැන්කොව් පැවසුවේ මෙය වැරදි වැටහීමක් නිසා වූ දෙයක් බවයි. ”කාටවත් හානියක් වුණේ නැහැ” යැයි පැවසූ පැන්කෝව් සිද්ධිය සිදු වූයේ කොහේදැයි හෝ ඊට හේතුව කුමක්දැයි හෝ අනාවරණය කළේ නැහැ. නමුත් මකීලාට ප‍්‍රශ්නයක් නැතැයි ඔහු තවදුරටත් පවසා තිබෙනවා.

නිමල් ෆ‍්‍රැන්සිස්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!