Gossip

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අද(10) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
මෙම සැකකරුවන් පස් දෙනා එළඹෙන 16 වන දා දක්වා රක්ෂිත බන්ධගාර ගත කිරීමටයි මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත්වරි නියෝග කර තිබෙන්නේ.
අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි මෙම නියෝගය ලබා දී තිබුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!