තරු හුට පට

නිනෝගේ දත් 4 ට වුණ දෙයක්

පුංචි තිරය තමන්ගේ කරගත් නිනෝ ‍සුන්දර පෙම්වතෙකු ලෙස රංගනය හැසිරවීමේ මනා හැකියාව ඇති අයෙක් බව නම් සැබෑමයි. ඒ විදිහට රංගනයේ යෙදෙන නිනෝ වැඩ වරද්ද ගත්ත අවස්ථාවක් ගැන අපිත් එක්ක කිව්වා. ඒ තිසර ඉඹුලානගේ “නිනෝ ලයිව්” චිත්‍රපටය අතරතුර දීයි.

චිත්‍රපටයේ එක් අවස්ථාවක දී “මට පිස්සූ” කියලා කෑ ගසමින් පදවාගෙන ආ වාහනය හරවන දර්ශනයක් රූගත කරන්න තිබිලා තියනවා.නිවාස සංකීර්ණයක වංගුවක් යොදා ගෙන කරන ලද එම රූගත කිරීමේ දී නිනෝගේ රංගනය තාත්ත්වික අන්දමින් සිදුකිරීමේ ප්‍රථිඵලය වුණේ දත් 4 ක් කඩා ගෙන රෝහල්ගතවීමයි.නිනෝනම් කිව්වේ අත්වැරදීමක් නිසා වාහනය පාලනය කරගන්න බැරුව අනතුරකට මුහුණ දුන්නා කියලයි.

මීට වසර කිහිපයකට ඉහත දී සිදුවුණු මෙම සිදුවීම තවමත් නිනෝගේ මතකයෙන් ඈත් නොවන්නේ අත්වැරදීමකින් සිදුවූ හදියක් නිසාද නැතිනම් රංගනය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ තමන්ට වූ සිදුවූ අකරතැබ්බයක් නිසාද යන්න ගැන නම් අපිටත් සැකයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!