Gossip

නැකැත් රකුසාගේ දැහැනට හසුවූ රූමත් ගැබිණියගේ කතාව

අපේ සමාජයේ බොහෝ දෙනෙකු නැකත් බලලා බොහෝ වැඩ පටන් ගන්නවා කියන එක රහසක් නෙවෙයි.
ඒ විදිහට නැකතක් බලලා තමන්ගේ දරුවා මෙලොවට බිහිකරන්න හදපු මවක් ගැන සීමාවාසික වෛද්‍ය ජයසංඛ නවෝද් හෙළි කළ කතාවකි මේ.

ප්‍රසව හා නාරිවේද වාට්ටුවක සේවය කරනා මා හට පසුගිය දිනෙක හරිම අපූරු දෙබසක් සවනට වැටෙනවා.
මාගේ සහෝදර සීමාවාසික වෛද්‍යතුමිය සමඟින් හෙට අනිද්දා දිනෙයක තම කුලුදුල් දරු ප්‍රසූතියට සූදානමින් සිටිනා මව් තුමියක් හැඬූ කඳුලින් කුමක් දෝ රහසින් පවසා සිටිනවා.
ඩොක්ටර් හෙට සීසර් කරල බබා ගන්නම ඕනි ද.
මේ මව්තුමියගේ කුස තුල වැඩෙන දරුවා වෙතට වැදෑමහ හරහා රුධිරය ගමන් කිරීමේ අක්‍රමවත් වීමක් හඳුනාගැනෙන නිසා තවත් කල් නොයවා සිසේරියන් සැත්කමක් මඟින් හෙට දිනයේ ම දරුවා බිහි කිරීමට වෛද්‍යවරුන් සිදු කල හදිසි තීරණය හමුවේයි ඇය මෙලෙස පවසා සිටින්නේ.
මව් කුස තුල වැඩෙන දරුවාට අවශ්‍ය පෝෂක සියල්ල ලැබෙන්නේ ඔබත් මමත් දන්නා පරිදෙන් වැදෑමහ හරහා ය. මව් කුස සිටි දරුවන් කිසිදු හේතුවක් නොමැතිව හදිසියේ මියගිය අවස්ථා ගැන ඔබත් අසා ඇති.
මෙලෙස වැදෑමහ හරහා රුධිර ගමනාගමනයේ සිදුවන අඩු වීම් මෙලෙස දරුවන් මව්කුස තුළදීම මිය යාමට එක හේතුවක්.
නමුත් දැන් පවතින ultra sound scan පරීක්ෂණ මගින් මෙවන් අවස්ථා කල්තියා හඳුනාගැනීමේ හැකියාව වෛද්‍යවරුන්ට ලැබී තිබෙනවා.
මෙලෙස රුධිර ගමනාගමනයේ වෙනස් වීම් හඳුනාගැනෙන බොහෝ අවස්ථා වල දී තව දුරටත් දරුවා මව් කුස තුළ වැඩීමට ඉඩලබා දීමේ හැකියාව ඇතත් සමහර අවස්ථා වලදී දරුවා මව් කුස තුල වර්ධනය වීමට ඉඩහැරීම අතිශය අවධානම්.
එවන් අවස්ථාවල තවත් කල් නොයවා සිසේරියන් සැත්කම් මගින් දරුවා බිහිකිරීම අතාවශ්‍යවේ .
ඉතින්මේ ගැන ඇයට වාට්ටුවේ වෛද්‍යවරයෙක් විසින් පෙර වතාවක දී පැහැදිලි කිරීමක් කර තිබියදීත් ඇය නැවත නැවතත් ඒ ගැන අසන්නට සැරසෙන සෙයකි.
ඔව් අම්මා. තව දවසක් හරි පරක්කු කලොත් දරුවා ද කරදරයක් වෙන්න පුලුවන්. සමහරවිට එයාගේ ජීවිතයට වුනත් හානියක් වෙන්න ට පුළුවන්. ඒ නිසයි අපි ඉක්මනට ම සීසර් කරලා බබාව ගන්න හදන්නේ.
සහෝදර වෛද්‍යතුමියගේ කාරුණික වදන් හමුවේ මේ මව්තුමිය නැවතත් හඬන්නට සැරසෙන ලෙසකි.
හෙට නැකැත් දවසක් නෙවෙයිලු ඩොක්ටර්. හෙට ගත්තොත් බබාට මහ කරදර ගොඩක් එන නැකැතක් තියන්නේ.
අනිද්දා වෙනකම් හිටියොත් නැකත කෙසේ වෙතත් බබා බඩ ඇතුලෙම මැරෙන්න උනත් පුලුවන් අම්මා.
සහෝදර වෛද්‍යතුමියගේ වදන් හමුවේ මේ කියනා කාන්තාව පසු බා යනවා.
පැත්තක සිට මේ දෙබස අසා සිටිනා මා හට මේ සංවාදය මොහොතින් අමතක ව යන්නේ කල යුතු, එහෙත් තවමත් අල්ලාවත් නොමැති වැඩ රාජකාරි බොහෝමයකට හිත යොමු වූ නිසාවෙන්.
ඉන් පැය කිහිපයකට පසුව මා රාත්‍රී ward round එක සිදු කරන විට මේ කියනා මව්තුමිය මට මුණගැසෙනවා.
ඩොක්ටර්, හෙට සීසර් කරන්න ම ඕනි ද…
සෑම ටීවී චැනලයකම උදේ සිට සවස් වන තුරාවටම නැකැත්කරුවන් වපුරනා බිජු අහුලාගෙන කන්නන් සිටින තෙක් මේ සාම්ප්‍රදායික ආකල්ප කරපින්නාගත් සමාජයක ජීවත් වන අප කෙසේ කෙදිනෙක නම් දියුණු සමාජයකට පියමන් කරන්න ද…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!