Gossip

නාමල් සහ ලිමිණිගේ ආදර කතාව මෙන්න – Photos

පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ ඔහුගේ පෙම්වතිය වන ලිමිණි වීරසිංහ හෙට යුග දිවියට එළඹීමට නියමිතව තිබෙනවා.

ඔහු සිය ආදර කතාව පිළිබඳ පුවත්පතකට හෙළි කර තිබුණේ මෙහෙමයි.

“ලිමිනිගේ හා මගේ ආදර කතාව ආරම්භ වන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ මැරතන් ධාවන තරගයක් තුළිනි. අප දෙදෙනා දැන හැඳිනගැනීමෙන් අනතුරුව ආරම්භ කළ සම්බන්ධයට දෙමාපියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අපේක්ෂා කළෙමු.

ඒ අනුව මීට වසර එකහමාරකට පමණ පෙර අපගේ සබඳතාව පිළිබඳ දෙමාපියන් දැනුවත් කිරීමට අපි කටයුතු කළෙමු. මාගේ දෙමාපියන් මෙන්ම ලිමිනිගේ දෙමාපියන් අපගේ සබඳතාවට ආශිර්වාදය ලබාදීමට කැමැත්ත පළ කළ අතර, එය අපගේ සබඳතාවට විශාල ශක්තියක් විය.

ඔවුන්ගේ ආශිර්වාදය ලැබුණත් අපගේ සබඳතාව පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානයක් යොමුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදීය.

ඉන් අනතුරුව පෙම්වතුන් ලෙස බොහෝ පිරිසක් අප දෙදෙනා හඳුනාගත්තේ යෝෂිතගේ විවාහ ගිවිසගැනීමේ අවස්ථාවේදීය. ඒ අපගේ පවුලේ ළඟම ඥාතීන් සමග ලිමිනිද එම අවස්ථාවට එක්වීම හේතුවෙනි. ඒ අපගේ ආදර කතාව හා එය ජනතාව දැනගත් ආකාරය පිළිබඳ කෙටිකතාවයි.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!