Gossip

නව රජයේ අමාත්‍ය මණ්ඩලය මෙන්න

ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව ඇමතිවරු මෙන්න

නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලබනවා.

ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මඟුල් මඩුවේ දීය.

අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් නව කැබිනට් මණ්ඩලය සමන්විත වේ.

ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අමාත්‍යංශ ව්‍යුහය සකස් කර තිබේ.

පළමුවෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් වෙත පත්වීම් ලබාදුන්නා..

ඒ මෙලෙසින්..

කොළඹ දිස්ත්‍රික්කය – ප්‍රදීප් උඳුගොඩ

ගම්පහ දිස්ත්‍රික්කය- සහන් ප්‍රදීප් විතාන

කළුතර දිස්ත්‍රික්කය – සංජීව එදිරිමාන්න

මහනුවර දිස්ත්‍රික්කය – වසන්ත යාපා බණ්ඩාර

මාතලේ දිස්ත්‍රික්කය – නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

නුවරඑළිය දිස්ත්‍රික්කය – එස් බී දිසානයක

ගාල්ල දිස්ත්‍රික්කය – සම්පත් අතුකෝරළ

මාතර දිස්ත්‍රික්කය – නිපුන රණවක

හම්බන්තොට දිස්ත්‍රික්කය – උපුල් ගලප්පත්ති

යාපනය දිස්ත්‍රික්කය – අංගජන් රාමනාදන්

කිලිනොච්චිය දිස්ත්‍රික්කය – ඩග්ලස් දේවානන්දා

වව්නියාව දිස්ත්‍රික්කය – කේ. දිලීපන්

මාන්නාර සහ මුලතිව් දිස්ත්‍රික්ක – කාදර් මස්තාන්

ත්‍රීකුණාමලය – කපිල අතුකෝරළ

අම්පාර – ඩී. විරසිංහ

කුරුණෑගල – ගුණපාල රත්නසේකර

පුත්තලම – අශෝක ප්‍රියන්ත

අනුරාධපුරය – එච්. නන්දසේන

පොළොන්නරුව – අමරකීර්ති අතුකෝරළ

නව කැබිනට් අමාත්‍යවරු 

01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

10. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය  

20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

23. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

24. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

25. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

26. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

 

රාජ්‍ය අමාත්‍යවරු

ආරක්ෂක අමාත්‍යාංශය – චමල් රාජපක්ෂ

සූර්ය ශක්ති සූළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන – දුමින්ද දිසානායක

බතික්, අත්යන්ත්‍ර රෙදි හා ඇඟළුම් නිෂ්පාදන අමාත්‍ය – දයාසිරි ජයසේකර

සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභොගික ආරක්ෂණ- ලසන්ත අලගියවන්න

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන- සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ

පොල්, කිතුල් .තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ- අරුන්දික ප්‍රනාන්දු

ග්‍රාමීය මාර්ග අවශේෂ යටිතල පහසුකම්- නිමල් ලන්සා

ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන – ජයන්ත සමරසිංහ

ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන – රොෂාන් රණසිංහ

සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත බෝග වගා තේ කර්මාන්ත ශාලා නවීකරණ හා තේ අපනයන ප්‍රවර්ධන – කනක හේරත්

ජාතික උරුම ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු – විදුර වික්‍රමනායක

උක්, බඩඉරිගු, කජු ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන – ජානක වක්කුඹුර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!