Gossip

“නයනාව තමයි ළඟින්ම ඇසුරු කරන්නේ. සීමාවලින් පිට පැන්නානම් මට මීට වඩා දේවල් කරන්න තිබ්බා” – ගයාත්‍රි ඩයස්

රූපය සහ සිය රංගන හැකියාව නිසා රසික හදවත් ආදරයෙන් වැළඳගත් චරිතයක් තමයි ගයත්‍රී ඩයස් කියනනේ.
ඇය රූපලාවන්‍ය ශිල්පිණියක් විදිහටත් කටයුතු කරනවා.
ඉතිං මේ හැමදේකම අලුත්ම තොරතුරු ගයාත්‍රී සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ගයාත්‍රි මේ දවස්ල කාර්යබහුලයි වගේ?
ඔව්. මේ දවස්වල කාර්යබහුලයි. වැඩ ටිකක් කළා. ටෙලි ඩ්‍රාමා දෙකක වැඩ ඉවර කළා. දැන් මම මගේ සැලෝන් එකේ වැඩවලටත් කාලය වැඩිපුර වෙන් කරලා තියෙන්නේ.

මේ දවස්වල ඔබව සිනමාවෙත් දකින්න ලැබෙනවා?
ඔව්. පහුගිය කාලේ චිත්‍රපට කිහිපයක වැඩ කරන්න ලැබුණා. එක චිත්‍රපටයක් මේ දවස්වල තිරගත වෙනවා.

ඔබ වැඩිපුර කැමැති පුංචි තිරයටද? සිනමාවටද?
මම ඉස්සර ඉඳන්ම සිනමාවට කැමැතියි. චිත්‍රපටයක් ලැබුණොත් මම ඒ චරිතය ලොකුද පොඩිද කියලා බලන්නේ නැතිව සම්බන්ධ වෙනවා.

ඒ කියන්නේ සිනමාවේදී ඔබට සීමා නැද්ද?
මම කොහොමත් සීමාවකට වැඩ කරන්නේ. ඒ තියාගෙන ඉන්න සීමාවලින් පිට යන්නේ නැහැ. සීමාවලින් පිට පැන්න නම් මට මීට වඩා දේවල් කරන්න තිබ්බා. නමුත් මම මගේ සීමා තියාගෙන නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ.

තාමත් ඔබට ක්ෂේත්‍රයේ තැන රැකිලා තියෙන්නේ දක්ෂකම නිසාද? වාසනාව නිසාද?
මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න දක්ෂකම වගේම වාසනාවත් මූලිකම හේතුවක් වෙනවා. වාසනාව තිබ්බේ නැත්නම් ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න අමාරුයි.

ඔබේ හැකියාවෙන් නිර්මාණකරුවෝ ගන්න ප්‍රයෝජනය ගැන සතුටු වෙන්න පුළුවන්ද?
මුල් කාලෙදි මට හොඳ නිර්මාණවලට දායක වෙන්න ලැබුණා. නමුත් වැඩ කරන්න ලැබුණු කාලේ මම ක්ෂේත්‍රයෙන් අයින් වෙලා හිටියා. අවශ්‍ය කාලේ වැඩ නොකර හිටියම අනෙක් අවස්ථාවල වැඩ අඩුවෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. මම මට ලැබෙන දේවල් දැන් ආසාවෙන්, කැමැත්තෙන් කරගෙන ඉන්නවා.

සමහර වැඩ මඟහැරීම ගැන දුකක් නැද්ද?
එහෙම දුකක් නැහැ. මම කොයි විදිහට හරි ක්ෂේත්‍රයේ හිටියා. ඒ නිසා ප්‍රේක්ෂකයෝ කවදත්, මාත් එක්ක හිටපු නිසා දුකක් නෑ.

ඔබ තාමත් රංගන ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන්නේ නයනාවද?
ඔව්. නයනාව තමයි ළඟින්ම ඇසුරු කරන්නේ. ක්ෂේත්‍රයට එකට ඇවිත් තාමත් දුක, සැප හොයන යාළුවෝ ඉන්නවා. ඒ අතර නයනා විශේෂයි.

බොහෝ අය කියන්නේ ක්ෂේත්‍රයේ යාළු මිත්‍රකම් තියාගන්න අපහසුයි කියලා. ඔබටත් එහෙම දැනෙනවද?
එහෙමත් දෙයක් තියෙනවා. සමහරු ඕනවට වඩා ළංවෙද්දී අෑත්වෙන ස්වභාවයත් වැඩියි. පොඩි පොඩි කැපිලි කෙටිලි, නුරුස්සන ගති එක්ක සමහරුන්ව ආශ්‍රය කරන්න අමාරුයිනේ. නයනාගෙයි මගෙයි යාළුකම ඉතුරුවෙලා තියෙනවා.
පි කවදාවත් අපි ගැන නරක විදිහට හිතලා නැහැ. ඒ නිසා අපේ යාළුකම තාමත් ඉතිරිවෙලා තියෙනවා. අපි වැඩ කරද්දී වුණත් සහයෝගයෙන් වැඩ කරනවා.
රූපලාවණ්‍ය වැඩමුළුවක් ලැබුණත් එයා මාව යෝජනා කරනවා. මම ඇයව යෝජනා කරනවා. අපේ වටිනාකම් ලැබෙද්දී ප්‍රශ්නයක් නැහැ.

රංගන කටයුතු, රූපලාවණ්‍ය කටයුතු වගේම පවුල් ජීවිතයේ වැඩ කටයුතු සමබර කරගන්න ඔබට පහසුද?
මම කාලය කළමනාකරණය කරගෙන හැමදේම කරනවා. මට තවත් වැඩ කරන්න කාලය තියෙනවා. කාලය තිබුණට වැඩ තමයි අඩු.

මවක් විදිහට ඔබේ අතින් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් මඟහැරෙන්නෙම නැද්ද?
මඟහැරෙන අවස්ථා නැතිව නෙවෙයි. ජීවිතේ ගොඩක් දෙනෙක්ට ගෙදර දේවල් මඟහැරෙනවා.
දැන් මගේ දුවලා දෙන්නා ලොකුයි. එයාලටත් දැන් එයාලගෙ වැඩ කරගන්න පුළුවන්. මමත් පුළුවන් තරම් එයාලා වෙනුවෙන් ඉටුකරන්න අවශ්‍ය යුතුකම් ඉටු කරන්න මහන්සි වෙනවා. අම්මා කෙනෙක් විදිහට මගේ දරුවෝ සාර්ථක තැනක තියන්න මම ආසයි.

ගයාත්‍රි කියන ව්‍යාපාරිකාවද? රංගන ශිල්පිනියද? මවද සාර්ථක?
ඒ තුනම සාර්ථක කරගන්න තමයි කැමැති. නමුත් නිළියක් විදිහට තමයි මම අසාර්ථකම.
ආසාව තිබ්බ ප්‍රමාණයට රංගන ශිල්පිනියක් විදිහට සාර්ථක වෙන්න මට බැරිවුණා. අනෙක් චරිත දෙකේම නම් මම සාර්ථකයි.
රංගන ශිල්පිනියක් විදිහට වයසට යනකල් රඟපාන්න ආසාවක් නෑ. ව්‍යාපාරිකාවක් විදිහට වැඩිබර දෙන්න බලාපොරොත්තු වෙනවා. මොකද අන්තිමේ ඉතුරු වෙන්නේ මගේ දරුවොයි, ව්‍යාපාරයයි විතරයි.

ඔබ සාමාන්‍යයෙන් මොන වගේ චරිතයක්ද?
මම සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. සාමාන්‍ය මිනිසුන්ට තිබෙන ආසාවල්මයි මට තියෙන්නේ.
මට ජීවත් වෙන්න සෑහෙන විදිහට සල්ලි, නිදහස තිබ්බොත් ඇති. දරුවෝ එක්ක සතුටින් ජීවත් වෙන්න මම කැමැතියි.

ඔබේ ලොකුම දුර්වලකම මොකක්ද?
දරාගැනීමේ ශක්තිය අඩුයි. මම හැමදාම හිතන්නේ මම දරුවන්ට කලින් මැරෙන්න ඕන කියලා.
දරා ගැනීමේ ශක්තිය අඩුකම තමයි ලොකුම දුර්වලකම.

ඔබේ ජීවිතේ හදාගන්න දේවල් තියෙනවාද?
දුර්වලකම් වැඩි වුණාම හදාගන්න දේවල් වැඩි වෙනවා. ඒවා හදාගන්නවට වඩා මේ ඉන්න විදිහට ඉන්න එක හොඳයි.

ඔබේම කියලා නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
නිර්මාණයක් කරන්න අවුරුදු ගාණක ඉඳලා සැලසුමක් තියෙනවා.
තව අවුරුද්දක්, දෙකක් ඇතුළත සිනමා නිර්මාණයක් කරන අදහස තියෙනවා.

මොනවද ඉදිරි වැඩ?
අලුත් නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. ලබන මාසෙදී ඒ නිර්මාණවල වැඩ පටන් ගනියි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!