Gossip

නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ විධායක තනතුර හොබවන නිසාත් සියලු නිලධාරීන් “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කරන්න” – බුකිය රත්කළ කතාවේ ඇත්ත මෙන්න – Exclusive

මහරගම නගරාධිපතිතුමා ගැන දැන් අන්තර්ජාලය පුරාම කතාවෙන්න පටන් අරන්.
ඒකට හේතුව මහනුවර නගර සභාවේ එතුමාගේ කාර්යාලය තුල ප්‍රදර්ශනය කර තිබූ සටහනක් නිසා.
මෙහි සඳහන්ව තිබෙන්නේ ” නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොබවන නිසාත් සියලුම නිලධාරී සේවක මහත්ම මහත්මීන් සහ සියලු ජනතාව “සර්” යන නාමයෙන් ආමන්ත්‍රණය කළ යුතුය” යනුවෙන්.
එම සටහනට පහතින් අත්සනක්ද යොදා තිබෙනවා.
කොහොම වුණත් මෙම සිදුවීමට හැමෝම වගේ සභාපතිවරයාට දෝෂාරෝපන එල්ල කළත් ඇතමෙක් පවසා තිබුණේ මෙය ඇත්තක් නොවන බවයි.
කොහොම වුණත් මේ ගැන අහන්න අපි නගරාධිපතිවරයාව සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එය සාර්ථක වුණේ නෑ.
ඉන් පසුව අපි එතුමාගේ කාර්යාල සේවකයෙකු අමතා මේ ගැන විමසීමෙදි පැවසුවේ ” ඒ කතාව බොරුවක්. එහෙම බෝඩ් එකක් එතුමාගේ ඔෆිස් එකේ ගහලා නෑ” යනුවෙන්.

මුහුණුපොත පුරා පැතිරෙන ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!