Gossip

”ධර්ම කුමාර දුවගෙන යද්දි වැටුණා. අලියා ධර්ම කුමාරව පාගාගෙන ඉදිරියට ගියා’’

‘‘අලියා ගිය අඩිපාර දිගේ අපි දෙගල්ආර කන්ද මැදින් යන විට එකවරම වම් පැත්තෙන් අලියකු ආවා. අලියා සිටියේ අපිට මීටර් දහයක් පමණ දුරින්. අලියා දැක්ක ගමන් අපි බේරෙන්න දුවගෙන ගොස් ගල්වලට මුවා වුණා. ධර්ම කුමාර දුවගෙන යන විට පය පැටලී වැටුණා. අලියා ධර්ම කුමාරව පාගාගෙන ඉදිරියට ගියා’’ යැයි වන අලියකු පෑගීමෙන් මියගිය දමන වන අඩවි කාර්යාලයේ වනජීවී නියාමකවරයාගේ මරණ පරීක්ෂණයේදී සාක්ෂි දුන් වනජීවී නියාමක ටී. එස්. මධුශංක මහතා පැවසීය.

වන අලියාට පෑගීමෙන් මියගිය දමන වන අඩවි කාර්යාලයේ වනජීවී නියාමකවරයකු ලෙස සේවය කළ අම්පාර, වඩිනාගල අංක 1/39 පදිංචි ධර්මදාස නොයෙල් ධර්ම කුමාර (44) නමැති දෙදරු පියාගේ මරණය පිළිබඳ මෙම මරණ පරීක්ෂණය මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේදී පැවැත්විණි.

සියඹලාණ්ඩුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ඞී. එම්. රත්නපාල මහතා විසින් මෙම මරණය පිළිබඳව මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී.

වැඩිදුරටත් සාක්ෂිකරු මෙසේද කීය.

‘‘බ‍්‍රහස්පතින්දා උදේ හය හමාරට විතර සියඹලාණ්ඩුව රුහුණු දනව්ව ප‍්‍රදේශයේ ගම්වැසියකු දුරකථන ඇමතුමකින් අපේ කාර්යාලයට දැනුම් දුන්නා ගම්මානයට වන අලියෙකු කඩාවැදී ඇති බව.

ඒ අනුව වනජීවී නියාමකවරුන් වන මමයි, පී. ඩබ්ලිව්. ටී. ප‍්‍රියංකරයි, එස්. එම්. පී. පත්මලාලූයි, මියගිය ඞී. එන්. ධර්ම කුමාරයි කාර්යාලයේ කැබ් රථයෙන් රුහුණු දනව්ව ප‍්‍රදේශයට ගියා.

අලියා ගිය අඩිපාරේ යන විට එකවරම වම් පැත්තෙන් අපිට මීටර් දහයක් පමණ ඉදිරියෙන් අලියෙකු මතුවුණා. අපි අලියාගෙන් බේරෙන්න දිව්වා. එසේ දුවන විට ධර්ම කුමාර පය පැටලී බිම වැටුණා. අලියා ධර්ම කුමාරව පාගාගෙන ඉදිරියට ගියා.

ටික වේලාවකින් අපි ඇවිත් බලන විට ධර්ම කුමාර බිම වැතිරී සිටියා. ඔහුගේ හිසෙන් ලේ ගලාගෙන ගියා. අපි ධර්ම කුමාරව සියඹලාණ්ඩුව රෝහලට රැුගෙන ගියා. රෝහලේ වෛද්‍යවරු පරීක්ෂා කර බලා කිව්වා ඔහු මියගොස් ඇති බව.

මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී හසිත් රංගික යාපා මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදී.

හිසට බරපතළ හානි සිදුවීමෙන් මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරයා නිගමනය කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!