Gossip

“ධනංජිගේ අලුත්ම කාර් එකේ, පිටිපස්සේ සීට් එකේ ලේ ගොඩාක් තිබුණා” – ලෝචනා, ධනංජි ගැන කවුරුත් නොදන්න දෙයක් කියයි

පුංචි තිරයේ ඉන්න දගකාර කටකාර චරිතයක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. ඉතින් නිතරම කතාබහට ලක් වෙන ලෝචනා එයා වැඩිපුරම ලංවුණු චරිතයලු ධනංජි තාරුකා කියලා කියන්නේ. මේ දෙන්නා දෙරණ ස්ටාර් සිටි වේදිකාවත් හොල්ලපු දෙන්නෙක්. ඉතින් ලෝචනා ධනංජි සහ එයාගැන පුවත්පතකට කියලා තිබුණා. මේ එම සාකච්ඡාවයි.

ලෝචනා ඔයාගේ හොඳම යාළුවෙක්නේ ධනංජි කියන්නේ… මතකද මුලින්ම ධනංජි මුණගැහුණු කාලය…?
ඔව්… ඔව්… ධනංජිව මට යාළුවෙන් විදිහට මුලින්ම මුණගැහුණේ නම් ටෙලිනාට්‍යයකදීම තමයි. ඒක ධනාගේ මුල්ම ටෙලිනාට්‍යය. ඉතින්… ඒකෙන් පස්සේ ධනා මගේ හොඳම යාළුවෙක් වුණා.

ධනංජි මොනවගේ යාළුවෙක්ද…?
ධනා හරිම හොඳ යාළුවෙක්. සැපේදි විතරක් නෙමේ දුකේදීත් ළඟින්ම ඉන්න යාළුවෙක් තමයි ධනා කියන්නේ. ධනා හරීම සැහැල්ලුවෙන් ජීවත්වෙන යාළුවෙක්. හරිම හරි මිත්‍රශීලීයි. දැන් මම කිව්වොත් පාරේ තියෙන පොඩිම පොඩි කඩේකින් කන්න ඕනේ කියලා… ධනා ආයේ දෙපාරක් හිතන්නේම නැතිව “හරි… මචං… කමු… අවුලක් නැහැ. කියලා කියනවා. පාරේ යද්දී බිම ඉඳගන්න ඕනේ කියලා කිව්වොත් “හරි… බිම වාඩිවෙමු… කියලා කියන ඕනෑම දේකට ඉන්න හරි අපූරු යාළුවෙක් තමයි ඒ.

ධනංජිගේ දකින නරක, හදාගන්න ඕන කියලා හිතෙන ගතිගුණයක් නැද්ද…?
තියෙනවා… තියෙනවා… සමහර දේවල්වලදී එයා මෝඩ විදිහට තීරණය කරන වෙලාවල් තියෙනවා. ධනා ගන්න සමහර තීරණ හරි හදිසි තීරණ කියලයි මට හිතෙන්නේ. හැබැයි ඉතින්… පස්සේ එයාට හිතිලා “මේක මෝඩ වැඩක් කියලා කියන වෙලාවලුත් තියෙනවා.

ඔයා හිතන විදිහට ධනා වැඩිය දක්ෂ නර්තනයට ද…? රංගනයටද…?
මම නම් හිතන්නේ ධනා වැඩිපුරම දක්ෂ නර්තනයටයි. අපි එකතුවෙලා නර්තන තරගයටත් ඉදිරිපත් වුණානේ. ඒ වෙලාවේදී වුණත් ධනා පුදුම ජවයකින් නැටුවා… සමහර වෙලාවට මටත් පුදුමයි මේ ධනාමද කියලත්… ඒ තරමටම එයා නර්තනයට හරි දක්ෂයි. ඒ නර්තන තරගාවලියේදී අපි දෙන්නාටම පුළුවන් වෙලාවක් දාගෙන අපි පුරුදු පුහුණු වීම් කළා. අපි පුළු පුළුවන් විදිහට වෙලාවල් හදාගෙන අපේ ගෙදරදී හරි පුහුණුවීම් කරන තැන්වලදී ඒ පුහුණුවීම් කටයුතු කළා. අපි දෙන්නටම ඒකට කැමැත්තක් තියෙන නිසා හැමදාම වේලාවට පුහුණුවීම්වලට ඇවිත් අපි ඒවා පුරුදු පුහුණු වුණා. මොනවා වුණත් ධනා වෙලාවට වැඩකරන කෙනෙක්…

ධනංජි නිසා හිතට තදින්ම දැනුණු සිදුවීමක් මතක් කළොත්…?
ඔව්… ධනංජි කියන්නේ හරිම සංවේදී යාළුවෙක්. මට මතකයි අපි රිහසල් කරන්න තිබුණු දවසක ධනා එන්න පරක්කු වුණා. කෝල් කළත් ධනා ආන්සර් කළේත් නැහැ. පැයකට විතර පස්සේ ඔන්න ධනා ආපුවහම අපි දුවලා ගිහින් බලද්දී ධනාගේ අලුත්ම කාර් එකේ පිටිපස්සේ සීට් එකේ ලේ ගොඩාක් තිබුණා… ධනාගේ ඇඟේත්, එයාගේ අම්මාගේ ඇගේත් තැනින් තැන ලේ තිබුණා… අපි හොඳටම එදා බය වුණා.

ඇත්තටම මොකද වෙලා තියෙන්නේ…?
එදා ධනාලා රිහසල් එද්දී පාරේ ලොකු අනතුරක් වෙලා. අම්මා කෙනෙකුයි, තාත්තා කෙනෙකුයි, දුවෙකුයි වාහනයකට හැප්පිලා. තාත්තාට හොඳටම අමාරුයිලු. හැබැයි කිසිම කෙනෙක් මේ අයව වාහනයකට දාගෙන නැහැ. පොලිසි ගාණේ යන්න තියෙන කරදරයටයි. වාහන ජරාවෙනවට තියෙන අකමැත්තටයි. කොහොම හරි ධනා ඔතනින් යද්දී ඉක්මනින්ම වාහනය නවත්තලා ළඟ හිටපු කට්ටියගෙන් උදව් ඇතිව අර පිරිමි මනුස්සයාව වාහනයට දාගෙන රාගම හොස්පිටිල් එකට බාරදීලා. ධනා එයාගේ කාර්එක ගත්තු අලුතම තමයි මේ සිදුවීම වුණේ. ඒවගේම ධනා කියන්නේ හරිම සංවේදී හොඳ යාළුවෙක්. කාටහරි කරදරයක් වුණොත් ධනා හරි ඉක්මනට ඒකට ඉදිරිපත් වෙනවා.

ධනායි ලෝචනයි ට්‍රිප් එහෙම යනවා කියලයි ආරංචිය…?
ඔව්… ඔව්… ඒ දවස්වල නම් අපි දිගටම ඔය කොහේ හරි ගියා… පන්සල්වලට දේවාලවලට එහෙමත් යනවා. පින්කම් කරන්නත් අපි යනවා. ඉතින් ඔය ට්‍රිප් එහෙම යද්දී ධනා සින්දු එහෙමත් කියනවා. හැබැයි වැඩේ කියන්නේ ඒ සින්දු අපිට අහන් ඉන්න තමයි අමාරුයි. මට මතකයි ඔහොම ට්‍රිප් එකක් අපි ගියපු වෙලාවක අපි පාරේ යන මනුස්සයෙක්ගෙන් පාරක් ඇහුවා. ඒ මනුස්සයා යන පාර කියපු විදිහට මට එකපාරටම හිනා ගියා. මගේ හිනාව ලේසියෙන් නැවැත්තෙන හිනාවකුත් නෙවෙයිනේ. එකපාරටම ධනාත් මහ හයියෙන් හිනා වුණා. ඇත්තටම ඒ වෙලාවේ අපි ලොකු අපහසුතාවකට පත්වුණා. අපි හිනාවෙද්දී ඒ මනුස්සයාට හරි නැහැනේ. ඒ නිසා “හරි අංකල් කියලා අර බාගෙට පාර කියවා කියවා හිටපු මනුස්සයාට ස්තූති කරලා අපි වාහනය අරන් එතනින් ආවා.

ධනාවගේ යාළුවෙක් ලැබුණු එක ගැන ලෝචනාට මොකද හිතෙන්නේ…?
හොඳයි… ඇත්තටම ඒ වගේ යාළුවෙක් ලැබුණු එක ගැන හොඳයි. ධනා වගේම එයාගේ අම්මත් හරි හොඳයි. හැමවෙලේම අපි එක්ක ඉන්නවා. ධනා වගේ දුකේදීත් සැපේදීත් ඉන්න හොඳ යාළුවෙක් ලැබුණු එක ගැන ගොඩාක් සතුටුයි. හැබැයි ධනා හැමදේටම ආසාවල් තියෙන කෙනෙක් නෙමේ. කන්න බොන්න ගියත් එයාට ලොකු ආසාවල් නැහැ. හැබැයි සමහර වෙලාවට දුකක් එහෙම දැනුනොත්නම් ධනා දුක කියව කියවා අඬනවා.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!