Gossip

දෝනි ගින්නකින් අනූනවයෙන් බේරෙයි

හෝටලයක සිදුවූ ගින්නක් නිසා ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල නොලබා බේරීමට හැකිවී තිබෙනවා.

මෙම ගින්න ඇතිවී ඇත්තේ ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි හෝටලයකයි.

අදාළ සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැතැයි දිල්ලි ගිනි නීවීමේ දෙපාර්තුමේන්තු පවසා තිබෙනවා.

ද්වර්කාහී වෙල්කම් හෝටෙලයේ ගින්නක් හටගෙන ඇතැයි උදෑසන 6.30ට පමණ දුරකථන ඇමතුමක් පැමිණි බවත් ඉන්පසුව ගිනි නිවන භටයින් 30 දෙනකු එම ස්ථානයට යැවූ බවත් ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව සඳහන් කර ඇති අතර පෙරවරු 7.50 වන විට ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට හැකි වූ බවද වාර්තා වනවා.

මහේන්ද්‍ර සිං දෝනි ජර්කාන්ඩ් කණ්ඩායම දිල්ලියට පැමිණ ඇත්තේ විජේ හසාරේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සහභාගී වීම සඳහායි. ඔවුන්ගේ ක්‍රීඩා ඇඳුම් සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි ද තරඟය හෙට(18) දක්වා කල් දැමීමට සිදුව තිබෙනවා.

එම තරඟාවලියේ ක්‍රියාකාරී ක්‍රීඩකයකු වන දෝනි මෙතෙක් පැවැති තරඟ හයේදීම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දරා ඇති අතර ඔහුගේ සහභාගීත්වය තරඟ නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේකෂකයින් වැඩි වීමට හේතු වී තිබෙන බවයි පැවසෙන්නේ.

මේ වසරේ ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලානයට පෙර දෝනී ක්‍රීඩාකරන අවසන් එක්දින තරඟ කිහිපය මෙයයි. මේ වන විට කඩුලු රකින පිතිකරුවෙකු ලෙස පමණක් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන හිටපු ක්‍රිකට් නායක දෝනිට මෙම තරඟාවලිය වැදගත් තරඟාවලියකි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!