Gossip News

දියකාවා මෙහෙයුමෙන් යුධ භටයෙකු අවසන් ගමන් යයි..

දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී යුද හමුදා භටයෙකු මියගොස් තිබෙනවා.

දියකාව යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති බව පොලීසිය පැවසනවා.

පසුව අදාළ සෙබලා ත්‍රි කුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන්පසු මියගොස් තිබෙනවා

මියගොස් ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙකු බව සඳහන් වෙනවා.

මෘත ශරිරය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් කර ඇති අතර ත්‍රිකුණාමලය වරාය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!