Gossip

දැරියගෙන් සද්දයක් නැති නිසා ඇවිත් බැලුවා..නිවසේ සෙල්ලම් කරමින් සිටි දැරියක් මාරයා රැගෙන ගිය හැටි

සෙල්ලම් කිරීමට සකස්කර තිබූ තොටිල්ලක ගෙල සිරවී වවුනියාව, අන්නානගර් හි වයස අවුරුදු 4ක දැරියක් මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළා.

මියගොස් ඇත්තේ වවුනියාව, පූන්තෝට්ටම්, අන්නානගර් හි පදිංචි පරමේශ්වරන් අරුල්සිකා නැමති දැරියක්.

මියගිය දැරියගේ සොහොයුරිය නිදිකරවීම සඳහා මෙම තොටිල්ල මව විසින් සකස්කොට තිබී තිබුණා.

මෙම දැරිය දිනපතා තොටිල්ලට සිය බෝනික්කන් දමා සෙල්ලම් කරන බවත් පුටුවකට නැග තොටිල්ලේ එල්ලීමට උත්සහ කිරීමේදී පය ලිස්සාගොස් දැරියගේ ගෙල තොටිල්ලේ සිරවී මෙම අනතුර සිදුව ඇති බවත් පොලීසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථවේ දැරියගේ පියා රැකියාව සඳහා නිවසින් පිටවගොස් තිබූ අනතුර සිදුවන අවස්ථාවේ මව සිය බාල දියණිය ඇඳේ නිදිකරවා මුළුතැන්ගෙයි ආහාර පිසමින් සිට ඇති බව අනාවරණය වී ඇතැයි ද පොලීසිය කියනවා.

සෙල්ලම් කරමින් සිටි දැරියගෙන් කිසිදු ශබ්දයක් නොඇසීම හේතුවෙන් මව තොටිල්ල තිබූ ස්ථානය පරීක්ෂා කිරීමේදී දැරිය එහි ගෙල සිරවී සිටින අයුරු දැක තිබෙනවා.

අනතුරුව දැරියව ප්‍රදේශවාසියකු සමග වවුනියාව මහ රෝහල වෙත රැගෙනවිත් ඇති අතර අසාධ්‍ය තත්වයෙන්වූ දැරිය රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණා.

මියගිය දැරියගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (19) වවුනියාව මහ රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!