Gossip News

දානෙ ගෙදරකට සහභාගී වූ 10දෙනෙකු කොරෝනා

මාතර දෙයියන්දර ගල්ඇටුඹ ගමේ දානෙ ගෙදරකට සහභාගී වූ දහ දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගෙන ඇති බව මුලටියන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ.එල්. නන්දසිරි පැවැසීය.

තණමල්විල ප්‍රදේශයේ සිට දානෙ ගෙදරකට පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනෙකු ආපසු ගිය පසු තණමල්විලදී කරන ලද පීසීආර් පරීක්ෂණ මගින් කොරෝනා ආසාදිත බවට වාර්තා වී ඇතැයිද හෙතෙම පැවැසීය.

කඹුරුපිටිය රෝහලට ඇතුළත්ව සෙම රෝගයට ප්‍රතිකාර ලබාගත් ගල්ඇටුඹ ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා ආසාදිත බව රෝහල මගින් දැනුම් දීමෙන් පසුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් මොවුන් ආසාදිතයෝ බවට හඳුනාගෙන තිබේ.

මෙම ආසාදිත දසදෙනා, සීනිපැල්ල ගමෙන් තිදෙනෙක් හා ගල්ඇටුඹ ගමෙන් හත් දෙනෙක් ලෙස හඳුනාගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!