Gossip

දරුඵල නැති කාන්තාවන් රවටා ලිංගික ආශාවන් සපුරගන්න හොර කපුවා

විවාහ වුණු කාගෙත් ඊලඟ බලාපොරොත්තුව තමන්ගේ පවුලට දරුවෙක් එකතු කරගන්න එකයි.

මේ බලාපොරොත්තුව ඉටු නොවන කළ කාන්තාවන් විවිධ දේවල් කරන්න පෙළඹෙනවා.

එනම් ආගමික පැත්තෙන් හෝ වේවා වෛද්‍ය විද්‍යාවෙන් හෝ වේවා ඔවුන් බලන්නේ තමන්ගේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්නටයි.

ඉතින් රුවන්වැලි සෑ පුදබිමේ භාවනාවේ යෙදෙමින් දරුවන් ප්‍රාර්ථනා කරන විවාහක තරුණියන්ද සිටිනවා.

ඉතින් මේ තරුණියන්ට දරුපල ලබාදෙන මහා බලසම්පන්න දේවාලයක් තිබෙන බව පවසා මෙම විවාහක තරුණ කාන්තාවන් රවටා එහි රැගෙන ගොස් අතවර කරන කපුවෙක් පිළිබඳ තොරතුරු මේවනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

සංවිධානාත්මක කාන්තාවන් පිරිසක් විසින් බලගතු යැයි කියන මෙම කපු මහතා සිටින දේවාලය නොච්චියාගම ප්‍රදේශයේ තිබෙන බව පවසමින් වංචනික කපුවාගේ කාමාශාව සංසිඳුවීමට තරුණියන් රවටා ගෙන ගොස් තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර දරුපල අපේක්ෂාවෙන් සිටින තරුණියක් එම සිද්ධියට මුහුණ පා ඇති අතර මෙම කාන්තාවන්ගේ බස් අසා ඇය මෙම දේවාලයට ගොස් තිබෙනවා.

එහිදි ඇයට කුටියකට වී මද වේලාවක් භාවනාවේ යෙදෙන්නට කිවූ කපුවා යැයි කියන පුද්ගලයා එම අවස්ථාවේදී තරුණියගේ හිසේ තෙල් වැනි යමක් ආලේප කර ඇති අතර ඉන් මද වේලාවකට පසු ඇය සිහිසුන් වී තිබුණා. අනතුරුව තරුණ කාන්තාව ඔහුගේ ගොදුරක් බවට පත්ව තිබෙනවා.

මෙම වංචනික පුද්ගලයා මානසික අසහනයකින් පෙලෙන්නෙකු වන අතර ඔහු විසින් මෙම තරුණියට බරපතල ලෙස ලිංගික අතවර කර ඇති බවයි හෙළිව ඇත්තේ.

මෙවැනි සිදුවීම් විශාල වශයෙන් සිදුවුවත් බොහෝ තරුණියන් ලැජ්ජාව නිසා කිසිවෙකුටත් මේ පිළිබඳව පැවසීමට මැලිවන අතර ඉන් මෙම හොර කපුවා ප්‍රයෝජන ගෙන තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!