Gossip

දම්වැලකින් ගැටගැසූ දැරියට වූ සාහසික අපරාධය – වගකීම කාටද?

විදෙස් මාධ්‍ය පැවසුවේ ඇය අදාළ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි 09 හැවිරිදි දැරියක් බවයි.

දැරිය නිවසින් පළා යාම වැළැක්වීම සදහා ඇගේ හාම්පුතුන් විසින් එලෙස දම්වැලකින් ගැට ගසා ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

හාම්පුතුන් විසින් දැරියට කෲර ලෙස වධහිංසා කර පහර දීම් සිදු කර ඇති බව ෆයිසාලාබාද් පොලීසිය අනාවරණ කර තිබේ.

දැරිකට කෲර ලෙස වධහිංසා පමුණුවන වන බවට දුරකතන ඇමතුමක් හරහා ලද තොරතුරු අනුව පොලීසිය විසින් අදාල නිවස වටලා තිබේ.

එහිදී නිවස තුළ සිරකර ගෙන සිටි දැරිය සොයා ගෙන ඇති අතර නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ළමා රක්ෂක කාර්යංශය හමුවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

දැරිය සොයා ගන්නා අවස්ථාවේදීත් ඇය දම්වැලකින් බැද දමා තිබී ඇති අතර ඇගේ ශරීරයේ තුවාල ඇතැයි හ පොලීසිය අනාවරණ කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!