Gossip

“තීක්ෂණ ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ.. මම තීක්ෂණගේ අකැමැතිම පුරුද්ද තමයි හැමතිස්සෙම නිදාගන්න එක..”

තීක්ෂණ අනුරාධ කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය තරුණ ගායකයෙක්.
පසුගියදා තීක්ෂණ පිය පදවිය ලැබුවා.
මේ ගැනත්, ඔවුන්ගේ අලුත්ම විස්තර ගැනත් තීක්ෂණගේ ආදරණීය බිරිඳ සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

පෙම්වතා විදියට හිටපු තීක්ෂණ දැන් කොහොමද දැනෙන්නේ?
කිසිම වෙනසක් නෑ. ඒ ආදරේමයි. ඒ රැකවරණය තාම තියෙනවා. එකම කෙනා තමයි තාමත් ඉන්නේ. හරිම සුබවාදී විදියට ඉන්නේ.

පෙම්වතා කාලේ තරුණියන්ගේ ආකර්ෂණය
ඒ කාලෙත් තීක්ෂණට දුරකතන ඇමැතුම් එනවා. රසික රසිකාවියන් දැක්කහම කතා කරනවා. දැන් වුණත් එයාට රසිකාවියන්ගෙන් දුරකතන ඇමැතුම් එනවා. දැන් නම් එයාගෙන් ගොඩක් අය අහන්නෙ අක්කි ඉන්නවාද කියලා. අහලා මාත් එක්ක කතා කරනවා.

තාත්තා කෙනෙක් විදියට තීක්ෂණ
හැම වෙලාවෙම බබා එක්ක ඉන්නවා. බබාගේ වැඩ පුළුවන් විදියට කරනවා. බබා ඉපදුණ මුල් දවස්වල තීක්ෂණ රෑට නිදාගත්තෙ නෑ. මම දවල් නිදාගත්තෙ නෑ. දිගටම ඇහැරගෙන හිටියා. අපි මාරුවෙන් මාරුවට ඇහැරලා ඉඳලා තමයි පුතාව බලාගත්තේ.

තීක්ෂණ මුල් තැන දෙන්නේ
එහෙම විශේෂයක් නෑ. පවුල කියන දේට මුල්තැන දෙනවා. හැම වෙලාවෙම අපිත් එක්ක ඉන්න, කාලය ගත කරන්න එයා කැමැතියි.

අකැමැති පුරුදු
මම තීක්ෂණගේ අකැමැතිම පුරුද්ද තමයි හැමතිස්සෙම නිදාගන්න එක. නිදාගන්න එකට මගෙන් බැනුම් අහනවා. එයාට නින්ද නැතිවම බෑ.

තීක්ෂණ ඇබ්බැහි වුණ දේ
ෆිල්ම්ස් බලන්න තමයි ඇබ්බැහි වෙලා ඉන්නේ. නිතරම ෆිල්ම්ස් බලනවා. රෑ එළිවෙනකම් හරි ඒවා බල බල ඉඳියි.

සමීපම යාළුවෝ
ගොඩක් යාළුවෝ නෑ. මනෝජ් කියලා ඉස්කෝලේ කාලේ ඉඳන්ම හිටපු යාළුවාව තමයි තාමත් ගොඩක් ළඟින් ආශ්‍රය කරන්නේ. ක්ෂේත්‍රයේ නම් එක්කෙනෙක් කියලා නෑ. හැමෝම ආශ්‍රය කරනවා.

යාළුවෝ අතරේදී
ඇත්තටම තීක්ෂණට ගොඩක් යාළුවෝ ආශ්‍රය කරන්න වෙලාවක් නෑ. යාළුවෝ අතරත් සුපුරුදු චරිතයම තමයි තීක්ෂණගේ තියෙන්නේ. එයා ඉන්න තැන හරිම ජොලියේ ඉන්නවා.

සැබෑ ජීවිතයේ කොයි වගේ කෙනෙක්ද
ඇත්තටම තීක්ෂණ ටී.වී. එකේ ඉන්නවා වගේ තමයි. ගෙදර ඉන්නකොටත් නිතරම හිනා වෙලා ඉන්නවා. එයා බබාත් එක්ක ඉද්දී පොඩි ළමයෙක් වගේ.

විලාසිතාවලට තියෙන කැමැත්ත
තීක්ෂණ හරිම සිම්පල් කෙනෙක්. ගොඩක් විලාසිතා කරන්නේ නෑ. ඒවා පස්සෙ යන්නේ නෑ. ගොඩාක් විලාසිතා කරන කෙනකුත් නෙවෙයි.

තීක්ෂණ යන්නකැමැති තැන්
තීක්ෂණ ගොඩක් ඇවිදින්න කැමැතියි. නිදහස් වෙච්ච ගමන් කොහේ හරි ඇවිදින්න යනවා. එහෙම එක තැනක කියලා යන්නෙ නෑ. ඇවිදින්න තියෙන තැන්වලට තමයි කැමැති.

තීක්ෂණගේ සින්දුවලින් අකැමැතිම සින්දුව
තීක්ෂණගේ සින්දුවලින් මම කැමැතිම නැති සින්දුව තමයි බෝඩිම. ඇත්තටම ඒ සින්දුවේ විෂුවල් එක තීක්ෂණට මැච් වෙන්නෙ නෑ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!