Gossip News

තාත්තාවයි පුතාවයි ගස් බැදලා අම්මව දූෂණය කරපු නරුමයන්ට වුණ දේ මෙන්න

සිය සැමියා හා පුතු ගස් බැඳ කාන්තාවක් පැහැර ගෙන ගොස් පහර දී බරපතළ ලෙස ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ දෙදෙනකුට වසර 42 සහ 51 ක් වශයෙන් වෙන් වෙන්ව අධිකරණයෙන් සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙසේ සිර දඬුවම් නියම වූයේ පල්ලම, ආඬිගම ප්‍රදේශයේ පදිංචි පත්තපේනුම ආරච්චිලාගේ දොන් ප‍්‍රදීප් කුමාර සහ හෙට්ටිආරච්චිලාගේ ඇනස්ලි රුක්මන් නම් පුද්ගලයන් දෙදෙනෙකුටය.

මෙම සැකකරුවන් දෙදෙනා 2009 වසරේ අගෝස්තු මාසයේ දිනකදී ආඩිගම ප‍්‍රදේශයේ පොල් ඉඩමකට කඩාවැදී සිද්ධියට මුහුණ පෑ කාන්තාවගේ ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ සැමියා හා පුතු ගස් බැඳ මෙම කාන්තාව පැහැරගෙන ගොස් තිබෙනවා. ඉන්පසුව තුවාල සිදු කරමින් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට චුදිතයන් වරදකරුවන් කිරීමට පුත්තලම මහාධිකරණ විනිසුරුවරයා සිය තින්දුව මගින් ප‍්‍රකාශයට පත්කර තිබුණා.

මෙයට අමතරව සිද්ධියට මුහුණදුන් කාන්තාවට එක් චූදිතයකු විසින් ලක්ෂ 5 බැගින් වන්දි මුදලක් ගෙවීමටද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙන අතර ඒ සමඟම එය නොගෙවන්නේ නම් ඒ සඳහා වසර 5 ක සිරදඬුවමක් බරපතළ වැඩ සහිතව ගෙවී යන ලෙස නියම කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!