Gossip

තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානයෙන් කඳවුරු 17කදී දහසකට අධික පිරිසක් පුහුණුව ලබලා – අලුත්ම හෙළිදරව්ව මෙන්න

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ජාතික තවුහිද් ජමාත් ත්‍රස්ත සංවිධානය විසින් පවත්වාගෙන ගිය කඳවුරු 17කදී දහසකට අධික පිරිසක් පුහුණුව ලබා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ‌සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මොහොමඩ් සාජහාන් නැමැති විද්‍යුත් ඛන්තුරේඛ නිලධාරියාගෙන් වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

ඔහුගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වනාතවිල්ලුව, නුවරඑළිය, මහනුවර, අරුප්පොළ, අක්කරේපත්තුව, සමන්තුරේ, කල්මුනේ, හම්බන්තොට හා කුරුණෑගල ආදී ප්‍රදේශ ආශ්‍රිතව ප්‍රධාන පුහුණු කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම ප්‍රධාන කඳවුරුවලට අමතරව නිට්ටඹුව, තිහාරිය, මීරිගම, ගම්පොළ, මහනුවර, හන්තාන, හෝටන්තැන්න ආශ්‍රිතව අඹේවෙල ආදී ප්‍රදේශවල ද සහරාන් හෂීම් තම සංවිධානයේ පුහුණු කඳවුරු පවත්වාගෙන ගොස් තිබූ බව පැවසෙනවා.

කුරුණෑගල අලකොළදෙණිය ප්‍රදේශයේ පොල්වත්තක පවත්වාගෙන ගිය පුහුණු කඳවුර බාරව, අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ නිලධාරියා සහ එම වත්තේ හිමිකරු කටයුතු කර ඇතැයි ද, ගල්ගමුව, තිහාරිය, පුත්තලම, කත්තන්කුඩිය ප්‍රදේශවලින් පැමිණි මුස්ලිම් තරුණයින් පිරිසක් මෙහි පුහුණුව ලබා අතැයි ද ප්‍රශ්න කිරීමවලදී හෙළි වී තිබෙනවා.

මේ ආකාරයට තවුහිද් ජමාත් සංවිධානයේ පුහුණුව ලැබ දිවයින පුරා විසිරී සිටින ත්‍රස්ත සාමාජිකයින් සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු ලැබී ඇතැයි ද ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළා.

උපුටා ගැනීම – ලංකාදීප

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!