Gossip News

තවදුරටත් වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් – ලොව පුරා වෛරසය තවත් දරුණු වෙයි

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 582,743ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (16)  වාර්තා කරයි.
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 13681,783 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි එම වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන්නේ.
කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 7,522,596ක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
තවදුරටත් වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තාවන අතර, ගතවූ පැය 24 තුළ එහි මරණ සංඛ්‍යාව දැක්වුණේ 1,261 ක් ලෙසයි.
දෙවනුව වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවන අතර, ගතවූ පැය විසි හතරේ මරණ 962 ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 140,105 ක් ලෙස වාර්තාවුණා.
70,914 ක් වන වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවන අතර, ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 3,615,991 ක් ලෙසයි.
මේ අතර අසල්වැසි ඉන්දියාවේ දෛනික මරණ 614 ක් වාර්තා වනවා.  සමස්ත මරණ සංඛ්‍යාව 24,929 ක් ලෙස සටහන් වන අතර  එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ 970,169 ක් ලෙසයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!