Gossip

තවත් ගැසට්ටුවක් රිවස්

රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීරනාශක ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අද (24) සිට අවස්ථාව ලබාදීමට රජය තීරණ කර තිබෙනවා.

ඒවා ආනයනය තහනම් කරමින් පසුගිය අප්‍රේල් මස 26 වනදා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අද දින සිට අවලංගු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු කීවා.

නමුත් හරිත කෘෂිකර්මය සඳහා වූ රජයේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවන බවද අමාත්‍යවරයා පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

“අප කවුරුත් 2021 අප්‍රේල් 26 වනදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා යොමු කිරීමට ඒ අනුව එම කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර ඒ වාගේම පළිබෝධනාශක ඒ වාගේම දිලීරනාශක සහ වල්නාශක සම්පුර්ණයෙන් ආනයනය තහනම් කිරීම සඳහා ගැසට් පත්‍රයක් ඒ සමගම නිකුත් කළා. අද වෙනකොට පුරා මාස 7කට දින දෙකක් අඩුයි මේ වෙනකොට මේ තීන්දුව අරගෙන. ඒ සියලු අභියෝග හමුවේ මේ පරිසර හිතකාමි කෘෂිකර්මයට ගොවීන් මේ මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් තිබුණත් අද වෙන කොට 650,000ක් ගොවිබිමේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් ජනතාවට සංවේදි ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කළා අප්‍රේල් මාසේ 26 වනදා ගැසට් කරන ලද අද දින සිට ඉවත්කර ගත්තා. ඒ අනුව අද දින සිට රසායනික පොහොර, පළිබෝධනාශක අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනවා.”

මේ අතර ඔහු තවදුරටත් පැවසුවේ පළිබෝධනාශක කිහිපයකට එරෙහිව පනවා තිබූ තහනම ඉවත්කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කළ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්ව ඉවත්කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි.

මේ වනවිට ආචාර්ය ජේ. ඒ. සුමිත් කෘෂිකර්ම අමාත්‍යංශයට මාරුකර යවා ඇති බවත් වාර්තා වුණා.

එහෙත් ආචාර්ය සුමිත් පවසන්නේ අදාළ තහනම ඉවත්කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනුව බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!