Gossip

ඩිෆෙන්ඩර් රථයකට යටවූ බොරැල්ල ට්‍රැෆික් OIC අවසන් ගමන් යයි

ඩිෆෙන්ඩර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගොස් තිබෙනවා..

පසුගිය 24 වැනිදා අලුයම 4.35ට පමණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බම්බලපිටිය ඩුප්ලි බුලස් හංදියේදී කොල්ලුපිටිය දෙසට ධාවනය වූ ඔහුගේ යතුරුපැදිය වැල්ලවත්ත දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුර සිදුවුණා.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මියයන තෙක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

ඔහු ඊයේ (09) රාත්‍රී 8.50ට පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.

51 හැවිරිදි පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා බොරලැස්ගමුව, වෙහෙරහැර, ගංගාරම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

මේ අතර අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එම රථයේ ගමන් කළ සෙසු පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරුණා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!