Gossip

ඥානසාර හිමිට පොදු සමාව?

මාස 06 ක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

අද(20) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

කෙසේ වෙතත් මීට පෙර ඉතිහාසයේත් භික්ෂුන් වහන්සේලාට ඕනෑ තරම් නඩු පවරා දඬුවම් ලබා දී ඇති බවත් පැවසු අමාතවරයා කියා සිටියේ, නීතිය තුළින් ලබා දෙන තීන්දු පිළිබඳ කිසිවක් පැවසිය නොහැකි බවයි.

මේ වන විට බන්ධනාගාර ගතව භික්ෂූන් වහන්සේලා 15 නමක් හා දෙමළ ජාතික පූජකවරුන් 3 දෙනෙක් ද බන්ධනාගාර ගතව සිටින බව පැවසු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉතා බරපතළ වැරදි සඳහා චෝදනා ලබා දඬුවම් හිමි වු භික්ෂුන් වහන්සේලා ඒ අතර වන බවයි.

කෙසේ වෙතත් ඥානසාර හිමියන්ට ලබා දුන් නඩු තීන්දුව බොහෝ අය දේශපාලනීකරණය කිරීමට උත්සහ දරණ බවද පැවසු අමාත්‍යවරයා හෙට දවසේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබා දීමෙන් සෙසු භික්ෂූන්ට ද ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළ හැකි වාතාවරණයක් උදාවෙන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!