Gossip

“ජාතික රෝහලේ රෝගියෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වෙයි” – ප්‍රශ්න කළා කියලා ඔහු යකා නටයි.. වෛද්‍යවරුන්, හෙදියන් අවදානමකට තල්ලු කළ අවාසනාවන්ත කතාව

ලෝකයටම තර්ජනයක් වෙමින් පවතින මේ කොරෝනා වෛරසය අපේ රටටත් මේ වෙද්දි ලොකු බලපෑමක් එල්ල කරලා තියෙනවා.
මේ තර්ජනයෙන් ගැලවෙන්නනම් එකාවන්ම කටයුතු කරන්න ඕනේ.
හැබැයි සම හරක් මිනිස්සු හැමෝටම වසං වෙලා හැංගිලා ඉදලා මේ වෛරසය පතුරවන්න උදව් කරනවා.
මේ මාරයා පරදන්න සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශ ලොකු කැපකිරීමක් කරනවා.
ඒ කැපකිරීමවත් තේරුම් නොගන්න සමහර මිනිස්සු ඇත්තටම කිව්වොත් පිස්සු නටවනවා.
ඒ වගේම කතාවක් ගැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානිද සොයිසා සිය මුහුණුපොතේ මේ විදිහට සටහන් කරලා තිබුණා.

ගිලිහෙන ඔබේ වගකීමෙන් තැලෙන සෞඛ්‍ය සේවාව….

කොළඹ ජාතික රෝහලේ නියෝජ්ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා මාධ්‍යයට කර ඇති ආකාරයට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා රෝග ලක්ෂණයන්ට සමාන ලක්ෂණ පෙන්නුම් කළ බැවින් ඔහුගෙන් අසන ලද හරස් ප්‍රශ්නවලට කෝප වූ එම පුද්ගලයා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දීමට තැත්කර ඇත.
කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයකු වූ මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල වෙත පැමිණ ඇති අතර එහිදී ඔහුගේ සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රශ්න කර තිබේ.
මෙම ප්‍රශ්න කිරීමේදී ඔහු හෝ ඔහුගේ කිසිවකුත් විදේශගතව නොසිටි බවට පුන පුනා ප්‍රකාශ කළ බැවින් ඔහු ප්‍රතිකාර සඳහා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර ඇත
‍රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවූ සැකය හේතුවෙන් මෙම පුද්ගලයාගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ ගුවන් තොටුපොළ වසා දැමීමට පෙර දිනයේදී තම පුත්‍රයා ඇමරිකාවේ සිට පැමිණි බවකි. ඒ අනුව වහාම ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේදී කොරෝනා රෝගකාරක විෂබීජය ශරීරගතව තිබෙන බව තහවුරු වී තිබේ
‍එම තහවුරු වීමත් සමග මෙම පුද්ගලයා කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වාට්ටුව වෙත යැවීමට කටයුතු කර ඇත
‍එසේම මෙම රෝගියා සාමාන්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබන කාලයේ ඇමරිකාවේ සිට පැමිණියා යැයි කියන ඔහුගේ පුත්‍රයාද රෝහල වෙත පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් හෙදියන්ද රෝගියාට සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14ක් සඳහා ස්වයං නිරෝධායනයට යොමුකර ඇත
මෙසේ පුද්ගලයන් දිගින් දිගටම සත්ය වසන් කර කටයුතු කලහොත් වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා යොමු කිරීම හේතුවෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ බරපතළ හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔබ වටහා ගත යුතුය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!