Gossip

ජාත්‍යන්තර ක්‍රීඩංගණයක් කුළියට අරන් පෙම්වතියට සුපිරි කාර් එකක් තෑගි දුන්නු අපූරු විවාහ යෝජනාව මෙන්න

තමන් ආදරය කරන පෙම්වතියට කළ අපූරු විවාහ යෝජනාවක් ගැන නවසීලන්තයෙන් වාර්තා වනවා.

කෙසේවෙතත් මේ සඳහා අධික මුදලක් වැයවී තිබෙන බවයි වාර්තා වන්නේ.

කායවර්ධන පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන Josef Rakich නම් පුද්ගලයෙකු aryam Matti නම් තම පෙම්වතියට කළ විවාහ යෝජනාව දැන් හැමතැනම කතාබහට ලක්වෙලා තියෙනවා.

විවාහ යෝජනාව සඳහා ඔහු තෝරා ගෙන තිබුණේ නවසීලන්තයේ ඊඩ්න් පාක් ක්‍රීඩාංගනයයි.

හෙලිකොප්ටරයකින් ඔහු එම ස්ථානයට පෙම්වතිය කැඳවාගෙන එනු ලැබුවා.

එහිදී ඩොලර් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ඔහුගේ විශේෂ ඇනවුමක් මත නිර්මාණය කළ රෝස පැහැති රෝවර් මෝටර් රථයක් පෙම්වතියට තිළිණ කර තිබෙනවා.

ඉන්පසුව අගනා මුදුවක් ඇයට පැළඳවීමටයි ඔහු කටයුතු කළ අතර එසේ විශාල පාපන්දු පිටියක සැණකෙලියක් ලෙස සංවිධානය කර තිබූ මෙම අවස්ථාව ඔහුගේ පෙම්වතියට ඇදහිය නොහැකි අවස්ථාවක් වුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!