Gossip

ජනපති හදිසියේ කොළඹ ජාතික රෝහලට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව සිටින බව වාර්තා වෙයි.

එහිදී ජනාධිපතිවරයා බාහිර රෝගී අංශය වෙත ගොස් එහි කාර්ය මණ්ඩලය හා රෝගීන් සමඟ සාකච්ඡාවක නිරතව ඇත.

එහිදී රෝගීන් කොළඹ ජාතික රෝහල වෙත පැමිණ ඇති ප්‍රදේශ විමසා ඇති අතර දුර බැහැර සිටි පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසා ඇත.

එහිදී අදාළ රෝගීන් තමන් පදිංචි ප්‍රදේශවල පවතින රෝහල්වල ගැටළු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එසේම රෝහල් කාර්ය මණ්ඩලය සමඟද ජනාධිපතිවරයා රෝහලේ මේ වන විට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!