Gossip

ජනපති සහ අගමැති ආණ්ඩුවේ පාර්ශවකරුවන් හමුවෙයි – සහය පලකිරීමට යෝජනාවකුත් සම්මතයි – Photos

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
මෙහිදී සාකච්ඡාවී ඇත්තේ රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳවයි.
ඉදිරි වැඩ කටයුතු සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබාදෙන බවට යෝජනාවක් මහින්ද අමරවීර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ අතර එම යෝජනාව දුමින්ද දිසානායක විසින් ස්ථිර කර තිබුණා.
පසුව එයට සියලු මන්ත්‍රීවරුන් ඒකමතිකව සහයෝගය පලකරන බව පවසා තිබෙනවා.
මෙම හමුවට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් රැසක් එක්වී සිටියා.
ඔවුන්ගේද සියලු සහය රජයේ ඉදිරි වැඩකටයුතුවලට ලබාදෙන බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!