ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ඉලක්ක කළ මාරක ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් සයදෙනෙක් අත්අඩංගුවට ගැනීමට ප්රංශ පොලීසිය කටයුතු කර තිබෙනවා.
පිරිමින් පස්දෙනෙක් සහ කාන්තාවක්ද මේ පිරිසට අයත් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
අදාළ සැලැස්ම පිලිබද අපරාධ චෝදනා යටතේ පරීක්ෂණ පැවැත්වීමට එරට රජය මේ වන විට සූදානමින් පසු වන නමුත් සැකකරුවන් හෝ ඔවුන්ගේ සැලසුම පිලිබඳ අනාවරණය කිරීම පොලීසිය විසින් ප්රතික්ෂේප කර තිබෙනවා.
එහෙත් එම කුමන්ත්රණය සෘජුව ජනාධිපතිවරයා ඉලක්ක කළ සැලැස්මක් බවට බලධාරීන් පිළිගෙන තිබෙනවා.
මේ අතර ජනාධිපති මැක්රෝන් ඝාතන සැලැස්මක් පිලිබද චෝදනා යටතේ පසුගිය වසරේ ද 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසීය කටයුතු කළ අතර බැස්ටිල් දිනයේදී ජනාධිපතිවරයා ඝාතනයට සැලසුම් කිරීම අදාළ තරුණයාට එරෙහිව එල්ල වූ චෝදනාවයි.