Gossip

ජනපතිගේ මානසිකත්වය ගැන හොයන්න ගිය පෙත්සම්කාරියට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්වය පිළිබඳව පරික්ෂා කිරීමේ නඩු කටයුත්තක් අරඹන්නයි පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා.

මේ අතර, පෙත්සම ගොනු කළ පෙත්සම්කාරිය විසින් රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් රජය වෙත ගෙවිය යුතු බව නියම කළේය.

කොළඹ -12 ප්‍රදේශයේ පදිංචි තක්ෂිලා ලක්මාලි ජයවර්ධන නමැති කාන්තාවක විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන යන විනිසුරු මඩුල්ල හමුවේ අද සිදු කෙරුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විරෝධතා මතු කරමින් පෙත්සම විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සදහන් කළේය.

මානසික රෝගී ආඥා පනත යටතේ යම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු තිබේ නම් එය මුලින්ම පොලිසිය වෙත පැමිණිලි කළ යුතු බව පෙන්වා දුන් සොලිස්ටර් ජෙනරාල්වරයා ඉන් අනතුරුව පොලිසිය පියවරක් නොගන්නේ නම් පමණක් අධිකරණය හමුවට ආ හැකි බව පෙන්වා දුන්නේය.

එහෙත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වෙත කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති පෙත්සම්කාරිය ජනාධිපතිවරයාට අපකීර්තියක් උදාකිරීමේ අරමුණින් මෙම ව්‍යාජ පෙත්සම අභියාචන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව ද පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිස් පස් වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව අධිකරණය හමුවේ නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව ද පෙන්වා දුන්නේය.

ඒ අනුව පෙත්සම විභාග කිරීමට අවසර දීම ප්‍රතික්ෂේප කර ලෙසයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දීර්ඝ ලෙස කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල තීන්දු කළේ මෙම පෙත්සම විභාගයට ගැනීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවයි.

කිසිදු පදනමක් නොමැතිව මෙම පෙත්සම අධිකරණය හමුවේ ගොනු කිරීම නිසා රාජ්‍ය නායකයාට මෙන්ම රටටද විශාල අගතියක් සිදුවී ඇති බව පෙන්වා දුන් විනිසුරුවරුන් පෙත්සම්කාරිය අනුගමනය කර තිබෙන අධිකරණ ක්‍රියාදාමය තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බව පෙන්වා දුන්නේ.

ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ල මෙහිදී පෙත්සම්කාරිය විසින් රජයට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවිය යුතු බවටද වැඩිදුරටත් නියෝග කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!