Gossip

චන්දික හතුරුසිංහට අභියෝග කළ ආරම්භක පිතිකරුවා සංචිතයෙන් දොට්ට දමයි – නව සංචියට මෙන්න

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
කාලයක් බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ සෞම්‍යා සාකර්ට මෙම සංචිතයේ තැන අහිමිවී තිබෙනවා.
ඒ වෙනුවට එනමුල් හක් කණ්ඩායමට කැඳවා තිබීම විශේෂත්වයක්.
වත්මන් ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ දැඩි අපේක්ෂා තබාගෙන සිටි ක්‍රීඩකයෙක් වූ සාකර් දැක්වූ දක්ෂතා නිසා ටෙස්ට් කණ්ඩායමටත් එක්වීමට වාසනාව හිමිවුණා.
චන්දිකගේ සමුගැනීමෙන් පසුව ඔහු චන්දික ගැන සඳහන් කළේ පුහුණුකරු ලෙස ඔහු කල දෙයට වඩා ක්‍රීඩකයන් ලෙස තමන් දක්ෂ වූ නිසා පසුගිය කාලයේ තම කණ්ඩායම ජයගත් බවයි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්ෂයන් නොවන නිසා චන්දිකට කල හැකි දෙයක් නොමැති බවද ඔහු පවසා තිබුණා.
තවද බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ්ටද බංගලාදේශ කණ්ඩායමේ තැන අහිමි තිබෙනවා.
එමෙන්ම පිතිකරුවකු සහ කඩුලු රකින්නෙකු ලෙස දක්ෂතා පෙන්වූ ලින්ටන් දාස් ද කණ්ඩායමෙන් ඉවත් කර ඇත.
ඒ වෙනුවට BPL තරඟාවලියේ දක්ෂතා පෙන්වූ මොහොමඩ් මිතුන්,මුෂ්ෆිකර් රෙහෙමාන් සහ එනමුල් හක් කණ්ඩායමට එක්කර තිිබෙනවා.

ඒ අනුව නම් කළ බංගලාදේශ සංචිතය.

Mashrafe Mortaza (capt)
Shakib Al Hasan
Tamim Iqbal
Imrul Kayes
Anamul Haque
Mushfiqur Rahim
Mahmudullah
Nasir Hossain
Sabbir Rahman
Mohammad Mithun
Mustafizur Rahman
Rubel Hossain
Abul Hasan
Mehidy Hasan Miraz
Mohammad Saifuddin
Sunzamul Islam

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!