Health & Beauty

ගැබිනි සමයේ වමනය, ඔක්කාරයට බෙහෙත් ගන්න ඕනද..?

කාන්තාවක් ගැබ්ගත් බව මුල් කාලයේදීම හදුනාගන්නා ලක්ෂණ තිබේ.
මුත්‍රා පරීක්ෂනයෙන් නිවැරදිව හදුනාගන්නා තෙක් මෙම ලක්ෂණ අනුව තමා ගැබිණියක බව බොහෝ දෙනා කලින්ම දැනගනිති.

ගැබ් ගැනීමත් සමග ඇතිවන එම මූලික ලක්ෂණ වන්නේ උදෑසන වමනය, ක්ලාන්තය, හිසරදය කෑම අරුචිය වැනි දෑය.
සාමාන්‍ය යෙන් ගර්භණී කාන්තාවන්ගෙන් 70% ක් පමණ මුල් මාසය කිහිපය තුල වමනය ඔක්කාරය වැනි ගැටලුවලින් පීඩා විදිති.
අතීතයේ මෙම ලක්ෂණ කාන්තාවක ගැබිණි බව හදුනාගන්නා රෝග ලක්ෂණයක් ලෙස සැලකේ.
ගැබ්ගෙන මුල් තෙමස තුල ඇතිවන මෙම තත්ත්වය මවට අපහසුතා ගෙනදුන්නද ඉන් දරු ගැබට කිසිදු බලපෑමක් සිදුනොවේ.

වමනය සහ ඔක්කාරය ඇතිවීම හොදද..?
ගර්භනී මුල් තෙමස තුල කාන්තාවකට වමනය ඔක්කාරය ඇතිවීම නීරෝගී ගර්භනී මවකගේ ලක්ෂණයක් ලෙස එදා සැලකිනි.
එම මතය තරමක් දුරට අසත්‍යයකි.
මෙම ලක්ෂණ පහලවන මවකට ගබ්සාවක් වීමට සිදුවන අවදානම අඩුබව පරීක්ෂණ මගින් හෙළිවී තිබේ.
එහෙත් ඔක්කාරය වමනය ඇතිවීම හේතුව නිසිලෙසට පැහැදිලි කර නැත.
වැදෑමහ තුලින් නිපදවන (HEG) හෝමෝනය මෙයට හේතුවන බව සඳහන් වේ.
මෙම හෝමෝන මට්ටම වැඩිවන්නේ නිවුන් දරුවන්, HMOLE වැනි ගැබ් ගැනීම් ඇතිවිටය.
එවැනි ගර්භනීතාවලදී වමනය සහ ඔක්කාරය සාමාන්‍ය ගර්භනී මවකට වැඩියෙන් දක්නට ලැබේ.

වමනය ඇතිවන හැටි..?
ගර්භනී මවකට පළමු සති අට තුලදී පමණ වමනය,ඔක්කාරය ඇතිවිය හැකිය.
සාමාන්‍ය යෙන් ගරු ගැබට සති 16 හෝ 17 පමණ කාලය වනවිට මෙම රෝග තත්ත්වය පහවී යයි.
කෙසේ වුවත් ගර්භනී කාන්තාවකට ගැබට සති 13 ක්, (මාස තුනෙන්) පසු මෙවැනි රෝග ලක්ෂණ පළමුවරට ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් නොවේ.
එය රෝගයක ලක්ෂණයකි.
එනිසා ගැබිනි කාන්තාවකට එසේ වුවහොත් පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්.

දරු ගැබට බලපානවද.?
මේ හැර ගැබ් ගැනීමත් සමග ඇතිවන වමනය සහ ඔක්කාරය නිසා ගැබට කිසිදු හානියක් වන්නේ නැත.
එහෙත් යම් කාන්තාවකට වමනය ඉතා දරුණු ලෙස තිබුණහොත් ඒ ගැන සැලකිලිමත් වියයුතුය.
එය Hyperemesis Gravidarum නම් රෝග තත්ත්වය වේ.
මෙහිදී මව පරීක්ෂා කර ඉහත රෝගය නම් පාලනය කළ යුතුය. එය පාලනය නොකළහොත් දරු ගැබට යම් බලපෑමක් ඇතිවිය හැකිය.
මේ නිසා මවකට වමනය නිතර යන්නේනම් නොනවත්වාම යන්නේනම් රෝහල් ගතකිරීම ඉතාම සුදුසුය.
එහිදී මවට සාමාන්‍ය ආහාර ගැනීම අපහසුවීමත් අධික වමන තත්ත්වයත් නිසා රෝහලේදී මවට නිසි ප්‍රතිකාර ලබාදෙයි.
නොනවත්වාම වමනය රෝගයක ලක්ෂණයක්නම් පහත සදහන් ලක්ෂණ තිබිය හැකිය.
මුත්‍රා වර්ණ තද පැහැවීම..
පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවේ..
වමනය සමග රුධිරය පිටවේ..
උදරයේ අධික වේදනාව..
උණ සෑදීම…

ප්‍රතිකාර තිබෙනවද…?
ගර්භනී මුල් අවදියේ වමනය, ඔක්කාරය සාමාන්‍ය තත්ත්වයක් ලෙසට සලකන්නේ එය උදරයේ ඉදහිට ඇතිවන හෙයිනි.
එසේම මව කුසගින්නේ වැඩිවේලාවක් සිටීම වැනි වෙනස්කම් මේ නිසා දක්නට ලැබේ.
මෙවැනි තත්ත්වයකට කිිසිදු ප්‍රතිකාරයක් අවශ්‍ය නැත.
එහෙත් ගැබිනි මවගේ එදිනෙකා කටයුතුවලට බාධාවන ලෙසට රෝග ලක්ෂණ පවතී..
මේ සඳහා වෛද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසය.
මේ සඳහා වඩාත් සුදුසු නාරිහා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා හෝ සායනයට යාමයි.
එවැනි මවගේ තත්ත්වය පරීක්ෂා කර දරුගැබට කිසිදු හානියක් නොවන ලෙස තිබෙන සහනදායී ඖෂධ ප්‍රතිකාරයක් ලබාදෙනු ඇත.

උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය චමින්ද මාතොට

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!