Gossip News

ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් මරණ 683යි – ස්පාඤ්ඤයෙන් මරණ 656යි

ලොව පුරා කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 21,283 දක්වා ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් පුද්ගල මරණ 683ක් සහ ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 656ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

ඊට අමතරව, ඇමෙරිකාවෙන් මරණ 247ක්, ප්‍රංශයෙන් මරණ 231ක් සහ ඉරානයෙන් මරණ 143ක් වාර්තා වේ.

ඒ අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 7,503ක් සහ ස්පාඤ්ඤයෙන් 3,647ක් බව විදෙස් මාධ්‍ය සදහන් කළේය.

මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 471,060ක් වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!