Gossip

මුහුණු පොතෙන් එන මිතුරන් ගණිකා වෘත්තියට යොදවා ගත් සුරූපී කතුන් තිදෙනා

මුහුණු පොත හරහා ප‍්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයන් ඉතා සූක්‍ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකු ඊයේ (10 දා) අලූයම අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

ඒ පිළියන්දල මොරටුව පාර, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ ස්ථාන තුනකදී බව පොලිසිය කියයි.  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

ඒ අනුව කාන්තාවන් මිලදී ගන්නා මුවාවෙන් එම ස්ථානවලට ආදේශන රාජකාරියෙන් ගිය පොලිස් නිලධාරීන්, මුදල් ගෙවා කාන්තාවන් මිලදී ගැනීමෙන් පසුව, ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව එකම අවස්ථාවකදී එම ස්ථාන වටලා ගණිකා වෘත්තිය සඳහා රැඳී සිටි කාන්තාවන් තිදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය පවසයි.

ඉංගිරිය සහ මාතලේ ප‍්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනකු සහ පරිවාස භාරයේ හැදී වැඩි පසුව ගිවිස ගත් විවාහයද හැර ආ දෙදරු කාන්තාවක්ද සිටි බව පොලිසිය කියයි.

මොවුන් වයස අවුරුදු 24, 43 සහ 28 වයසේ පසුවන්නන් බවද පැවසේ.

කොළඹ ප‍්‍රදේශයේ රැකියා කරන බව නිවෙස්වලට පවසා මෙහි රැඳී සිටිමින් මුහුණු පොත හරහා සිය ගිණුමට එකතු වන මිතුරන්ට, ‘‘මගේ අම්මා මට බෑණා කෙනෙක් සොයයි…, මට පාලූයි පුලූවන්නම් ඇමතුමක් ගන්න…, ආදරේ කරන්න මිතුරෙක් සොයයි….’’ යනුවෙන් වැකි සඳහන් කොට අදාළ දුරකථන අංකයට කතා කරන මිතුරන් සමඟ පේ‍්‍රම සබඳතාවක් ඇති කරගෙන, මුදලට ලිංගිකව හැසිරීමට පොළඹවාගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා කැස්බෑව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!