Gossip

කොළඹ පාතාලය හොල්ලපු තවත් දරුණු අතක් හසුවෙයි

කොළඹ කේන්ද්‍ර කරගනිමින් පාතාල ක්‍රියාකාරකම් මෙහෙය වූ මධුශංඛ හෙවත් බැරල් සංඛ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෑලියගොඩ ප්‍රදේශයේ දී මෙම අපරාධකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ජාවාරම් සහ කප්පම් ලබාගැනීම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරී කණ්ඩාමක් ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී පෑලියගොඩ , මිරිස්වත්ත පටුමග ප්‍රදේශයේදී මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 5 කට වැඩි ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මධුසංඛ හෙවත් බැරල් සංඛ ඉකුත් පෙබරවාරි මාසයේදී පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගිය පාතාල නායක දඩල්ලගේ මංජු හෙවත් ඩී. මංජුගේ ප්‍රතිවාදියා බවද පැවසෙනවා.

වෙඩි තබා ඝාතනය වූ නාගරික මන්ත්‍රීවරයෙකුගේ සමීපතමයෙක් ලෙසයි බැරල් සංඛ සැලකෙන්නේ.

නාගරික මන්ත්‍රීවරයා ඝාතනය වූ අවස්ථාවේදී ඔහු ගමන් ගත් වාහනයේ බැරල් සංඛද සිට තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් පසු ඩී. මංජු සහ බැරල් සංඛ අතර ගැටුම ආරම්භ වී ඇති බවයි පැවසෙන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!